Featured News

Video Gossip

Advertisement

කවදාවත් හන්තානෙ ඉඩමක් මට තිබුනෙ නෑ

චමින්ද්‍රානි කිරිඇල්ල

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසිඳු දිනෙක තමාට නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.



එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ, "පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසිඳු දිනෙක මට නොතිබුණි. ඒ වගේම රජයට අයිති කිසිම ඉඩමක් මාගේ නමට මෙතෙක් පවරාගෙන නොමැත. මේ අසත්‍ය, අපහාසාත්මක සහ නින්දිත ප්‍රකාශය මගින් මාගේ කීර්ති නාමය විශාල හානියක් වූ අතර ඒ නිසා මෙය වරප්‍රසාද කමිටුවට යොමුකරන ලෙස මම ඉල්ලා සිටිමි."

ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්රණ පනතින් බැහැරව බවට කෝප් කමිටුවේදි පසුගියදා ප්‍රකාශ කෙරුණි.

ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවු අවස්ථාවේදිය.

ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය අද පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ මෙම අසත්‍ය ප්‍රකාශය නිසා තමාගේ කීර්ති නාමයට සිදුවූ හානියට සාධාරණයක් ඉටු කරදීමට මෙම ඉල්ලීම වරප්‍රසාද කඩවීම හා බලතල කමිටුවට යොමු කරන ලෙසය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements