සුද්දි මැරුවේ මත් කුඩු ආරවුලකටද? අනියම් පෙමටද? ඝාතනයෙන් පසු වීඩියෝවකුත් ලීක් වෙලා | Gossip
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
සුද්දි මැරුවේ මත් කුඩු ආරවුලකටද? අනියම් පෙමටද? ඝාතනයෙන් පසු වීඩියෝවකුත් ලීක් වෙලා
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බවට සැකකෙරෙන තිදරු මවක්, නාත්තන්ඩිය වික්‍රමසිංහ මාවතේදී ත්‍රිරෝද රථයක් තුළ ගමන් කරමින් සිටියදී පෙරේදා (දිනය) මධ්‍යම රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම සිදුවීමත් සමග ඝාතනයට සම්බන්ධ බවට සැකපිට ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් තරුණයෙකු මාරවිල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.මෙලෙස මියගොස් ඇත්තේ මරදාන, ඉදමල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි “සුද්දි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එදිරිසිංහ ආරච්චිලාගේ වසන්ති චතුරානි නැමැති 30 හැවිරිදි කාන්තාවකි.වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් ඇයගේ දස හැවිරිදි නිවුන් පුත්‍රයෙකුගේ පාදයකට ද වෙඩි උණ්ඩයක් වැදී තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හෝ අනියම් සබඳතාවක් මත සිදුවන්නට ඇති බවයි.
ඝාතනයට ලක්වූ කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩු කිහිපයකටම චෝදනා ලැබ, වසරකට පමණ පෙර ඇප මත නිදහස්ව සිටි තැනැත්තියකි.
මෙම කාන්තාවගේ පවුලේ සමීපතමයන් රැසක් ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඇයගේ වත්මන් සැමියා ද මත්ද්‍රව්‍ය චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, “කුඩු මාලි” යනුවෙන් හැඳින්වෙන ඇගේ මව ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත නිදහස්ව සිටින්නියකි. මීට අමතරව ඇගේ පියා සහ සහෝදරියන් දෙදෙනාට එරෙහිව ද මත්ද්‍රව්‍ය නඩු පවතින බවත්, ඇය අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව කියන පුද්ගලයාද මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් පොලිසිය පවසයි.
ඝාතනය සිදුවූ දින රාත්‍රියේ, නාඳුනන පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දී රුපියල් 4000ක් වටිනා මත්ද්‍රව්‍ය පැකට් දෙකක් රැගෙන තම මවගේ නිවස අසලට පැමිණෙන ලෙස ඇයට දන්වා ඇත. එම ඇමතුමට අනුව ඇය සිය පුත්‍රයා සහ තවත් තරුණයන් දෙදෙනෙකු ද සමග ත්‍රිරෝද රථයකින් එම ස්ථානයට ගොස් තිබේ. ත්‍රිරෝද රථයේ ඉඩකඩ නොමැති බව පවසමින් එහි සිටි අයෙකු විසින් ඇගේ පුත්‍රයාව පසුපස බඩුබාහිරාදිය තබන කොටසට නංවා ඇති අතර, එය දරුවාගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් කළ දෙයක් දැයි පොලිසිය සැක කරයි.
ඇය සිය මවගේ නිවස අසලට පැමිණ ඇමතුම දුන් පුද්ගලයාට දැනුම් දුන් විට, එම නිවසේ සී.සී.ටී.වී. කැමරා පවතින බැවින් මදක් ඉදිරියට එන ලෙස ඔහු දන්වා තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථය ඉදිරියට ගමන් කරද්දී, මුහුණු ආවරණය කළ හෙල්මට් සහ ජැකට් පැලඳ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු ත්‍රිරෝද රථයේ සිටි කාන්තාව ඉලක්ක කර වෙඩි තබා පළා ගොස් ඇත. රෝහලට රැගෙන යන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

මෙම කාන්තාවගේපසුව පෙම්වතෙකු සමග සිදුකල වීඩියෝ ඇමතුමක පටිගතකල වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදාහැර තිබුනිග
කෙසේ නමුත් මෙම වෙඩි තැබීම සැලසුම් සහගතව සිදුකළ කොන්ත්‍රාත්තුවක් මත පාතාල කල්ලියක් විසින් ක්‍රියාත්මක කරන්නට ඇති බවට පොලිසිය ප්‍රබලව සැකකරයි. මීට පෙර බස්නාහිර සහ දකුණු පළාත්වලට සීමා වී තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් මුල් කරගත් මෙවැනි ඝාතන තම ප්‍රදේශයේ සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටිති. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලට අනුව, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙරට තුළ වෙඩි තැබීම් 73ක් වාර්තා වී ඇති අතර, ඉන් මරණ 40ක් සිදුවී තිබේ. ඝාතනය වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.