Featured News

Video Gossip

Advertisement

ඇමති ‘මහින්ද ජයසිංහ ගස් බල්ලා’ කියා ගුරුවරයෙක් අමතයි
ජනපතිට ‘උඹ’ කියයි.

අමාත්‍ය ‘මහින්ද ජයසිංහ නම් ගස් බල්ලා’ යනුවෙන් තමන්ව හදුන්වමින් වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සමාජ ජාල සමූහයක හඬ පටයක් සංසරණය වෙමින් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

මෙම වෘත්තීය දේශයකුන්ගේ සංගමය ඉතා කීර්තිමත් ගුරුවරු නියෝජනය කරන සංගමයක් බවද පැවසූ ඔහු එවන් සංගමයක සාමාජිකයකු වෙතින් එවන් හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා ගුරු විදුහල්පති ගුරු උපදේශක ඇතුළු අංශ පහක වෘත්තීය භාවය ඉහල නැංවීම සඳහා කටයුතු කරන බවද පැවසූ ඔහු ඇතැමුන් එලෙස වෘත්තීයභාවය ඉහල නැංවීමේදී තම ජීවිකාව අවදානමට පත්වේදැයි සැකයකින් මෙවන් විරෝධතා ඉදිරිපත් කරන බවද කියා සිටියේය.

මේ අතර මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ‘උඹ’ යයි ආමන්ත්‍රණය කිරීමක් සම්බන්ධයෙන් වන සටහනක් තම සමාජ ජාල ගිණුමේ සටහන් කර තිබීම සම්බන්ධයෙන්ද සමාජ ජාල වල විවේචනාත්මක අදහස් පළවෙමින් ඇත.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements