Advertisement

රිතික් රෝෂන් අගෝස්තු 02 ශ්‍රී ලංකාවට

සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් මෙරටට පැමිණීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, අගෝස්තු 02 වැනිදා පැවැත්වෙන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඔහු සහභාගීවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය සියලු පහසුකම්වලින් සමන්විත දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදුකරනු ලබන විශාලතම ආයෝජනය ලෙසද සැලකෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements