පොලීසියට ලක්ෂයයි- සතුට සමරන පොලීසියි | Sri Lanka Police
Colombo
,
gossipmain
,
hot news
,
News
,
sri lanka police
සිල්වර් ප්ලේ බටන් එකේ සතුට සමරන පොලීසිය
මහජනතාව දැනුවත් කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් පිටුව ග්‍රාහකයින් ලක්ෂයේ සීමාව ඉක්මවා තිබේ. ඒ බව තහවුරු කරමින් යූ ටියුබ් ආයතනය විසින් පිරිණමන “සිල්වර් ප්ලේ බටනය” පොලීසිය වෙත ලැබී ඇති අතර එම අවස්ථාව සැමරීම සඳහා ඒ සදහා දායක වූ නිලධාරීන් විසින් සරළ උත්සවයක්ද සංවිධානය කර තිබේ.
පසුගිය සමයේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සමාජ මාධ්‍ය හරහා විවිධ නෛතිකමය කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම පිණිස විශාල මෙහෙවරක් සිදුකරන අයුරු නිරීක්ෂණය වූ අතර එහි වැදගත් සංස්ධිස්ථානයක් ලෙස මෙය සැලකිය හැක. දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා පොලිසියේ ෆේස්බුක් පිටුවද ග්‍රාහකයින් ලක්ෂ 2 සීමාව පසුකර තිබේ.
මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි මිනුර රශාන්ත මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළකල සටහනක් පහතින් දැක්වේ.
"ඔව් අපිට පුලුවන්"
Youtube කරන ඕනම කෙනෙකුගේ පළවෙනි කඩඉම තමයි 100,000 Subscribes සමග Silver Play Button එක.දැන් අපි එතන. මේ ගමන හරි දුෂ්කරයි කටුකයි.රාජ්‍ය ආයතනයක සෝෂ්ල් මීඩියා කරනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්.ඒකත් පොලිසියේ.නමුත් වැඩේ අතඇරියේ නැහැ.ඒකට හේතුව මහන්සි වෙලා වැඩ කරන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්න එක සහ ඒ කරන වැඩයට පන්නරය දෙන උසස් නිලධාරීන් පිරිසක් සිටින එක. මේ දෙක ලස්සනට ගැලපුනාම ඕන වැඩ කරන්න පුලුවන්.ලෝකය දිනන්න පුලුවන්.
ඉතින් මේ ගමන යන්න නිදහස් මනසකින් රාජකාරී කරන්න මුලින්ම ශක්තිය ලබා දුන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ මහතාගෙන් පසු වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරීය මැතිතුමන් අපිව ඉහලින්ම ඔසවා තබමින් දිනෙන් දින අපි පසු කරන කඩඉම් අගය කිරිමට ලක් කරමින් අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. හිටපු මාධ්‍ය ප්‍රකාශ වරුන් වන නි.පො.ප නිහාල් තල්දූව මැතිතුමා , ජේ.පො.අ Buddika Manatunga මහත්වරු මෙන්ම වත්මන් මාධ්‍ය ප්‍රකාශ ස.පො.අ වුට්ලර් මහතා ද මේ ගමන යන්න විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම කාලයකදී හැක් වුන මේ චැනල් ආපහු අරන් දුන්නේ Sajeewa Randula Dissanayake ඔහු නැත්නම් අපිට මුල ඉදන් පටන් ගන්න වෙනවා. ඒ නිසා සජීව අපිට අමතක කරන්නම බැරි කෙනෙක්.ඔය අන්තිම ෆොටෝ එකේ ඉන්නේ ඔබ බලන පෝස්ට්,වීඩියෝ හදන අපේ සෙට් එක තමයි. උන් තමයි මෙහි නියම අයිතිකාරයෝ. ඉතින් ඉදිරියේදී අපි තවත් ජයග්‍රහණ ලබයි. ඒ හැම ජයග්‍රහණ පසු පස සිටින යෝධ ශක්තිය මහජනතාව වන ඔබය..
මේ ඔබේ පොලිසියයි........🙏