මෙහිදී රාවණා රජුගේ ගුවන් යානා පාලනය කිරීම සඳහා වෙනම පුද්ගලයකු ද සිටි බවට තොරතුරු අනාවරණය කර ගැනීමට එම පරීක්ෂණ අංශය සමත් වී ඇතැයි පැවැසේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ සංවර්ධන හා සැලසුම් අංශයේ කළමනාකරු නුරංග අධිකාරි මහතා සඳහන් කළේ මෙම ගුවන් යානා සඟවා ඇති ස්ථාන පිළිබඳව නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකියාව පවතින්නේ කාබන් පරීක්ෂණයක් මගින් පමණක් බවය.
එහෙත් ඒ සඳහා විශාල මුදලක් වැය වනු ඇති බවත් එක් කාබන් පරීක්ෂණයක් කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැය වන බවත් එය මෙරටදී සිදු කිරීමට තරම් තාක්ෂණික හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. එම කාබන් පරීක්ෂණය සිදුකිරීම සඳහා යොදාගනු ලබන තාක්ෂණය ඇත්තේ ඇමෙරිකාවේ පමණක් බවද ඔහු කීවේය. රාවණා රජුගේ මෙම ගුවන් යානා සොයා ගැනීමේ ව්‍යාපෘතියක් 2020 වසරේදී ආරම්භ කෙරුණු නමුත්
ඒ සඳහා එවකට පැවති රජය අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන නොදීම නිසා එම ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදු වී තිබේ. මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා එවකට විශේෂ කමිටුවක් ද පත් කර තිබූ අතර ඒ සඳහා ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක්ද සහභාගී වී ඇත.
එම කමිටුවට මහාචාර්ය රාජ් සෝමදේව මහතාද ඇතුළත් කර සිටි නමුත් පසුව එම කමිටුවෙන් ඔහු ඉවත්විය. එම ව්‍යාපෘතිය සඳහා මෙරට විශේෂඥ පුද්ගලයන් පිරිසක් එක්ව සිටී. නමුත් පසුව ඔවුන්ගේ පසුබෑම නිසා ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදුවී ඇත. වැඩිදුරටත් අදහස් දැක්වූ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ, සංවර්ධන සහ සැලසුම් අංශයේ කළමනාකරු නුරංග අධිකාරි මහතා සඳහන් කළේ ලබන වසර තුළදී මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට සූදානම් බවයි. ඒ අනුව රාවණා රජුගේ ගුවන් යානා ගොඩ ගැනීමේ මෙහෙයුම් ව්‍යාපෘතිය යළිත් ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව ඔහු කීවේය.
(ඉන්දික ශ්‍රී අරවින්ද)
Lankadeepa

