ප්‍රාදේශීය ලේඛම් ට
පාර්ට් දැමූ
ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රී මොහොමදු සර්දාර්ස් මොහොමදු උෂාන් මහතා, දඹුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් පතිරගේ දිනුෂිකා කුමුදුනී විජේසිංහ මහත්මියට බැණ වැදී මරණ තර්ජන සිදු කිරීමේ චෝදනාව මත දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය විසින් දඹුල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. මෙම සිදුවීම, සංවර්ධන කමිටු සභා රැස්වීමක් අතරතුර සිදුවූ බව පොලීසිය වාර්තා කරයි.සිද්ධියට හේතුව ලෙස දැක්වෙන්නේ, වෑවල හුඹස්ගමුව රජයේ ඉඩම් දීමනා පත්‍ර සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකි.
යෝජිත කර්මාන්ත පුරයක් ඉදිකිරීමට අදාළව, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් නොතකා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව තීරණ ගත් බව පවසමින් සැකකාර මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරියට චෝදනා එල්ල කර ඇත.
එහිදී උරණ වීමෙන් පසුව, මන්ත්‍රීවරයා විසින් රාජ්‍ය නිලධාරිනියට බැණ වැදී මරණ තර්ජන එල්ල කළ බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.
රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව මෙවැනි තර්ජන එල්ල කිරීම බරපතළ වරදක් බැවින්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දඹුල්ල පොලීසිය තවදුරටත් ප්‍රකාශ කර ඇත.
සැකකාර මන්ත්‍රීවරයා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර පසුව සමගි ජන බලවේගය සමඟ එක් වූ අයෙකු බව ද වාර්තා වේ.
සජබ මන්ත්‍රී අත්අඩංගුවට