Advertisement

දේශබන්දුට එරෙහි විවාදයට මම ඡන්දය පාවිච්චි කරන්නෙ නැ - නාමල් කියයි

අධිකරණයේ පවතින කාරණාවක් විවාදයට ලක් කිරීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව, සිය පක්ෂය මෙම විවාදයේදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරන බවයි අද (05) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවද, එලෙස නීතිය ක්‍රියාත්මක කරන්නේ දේශපාලන පටු අරමුණක් වෙනුවෙන් නම් එය සාධාරණ නොවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුවේ උවමනාව ඉටු කිරීමට ගොස්, සමස්ත පාර්ලිමේන්තුවට සහ අධිකරණ පද්ධතියටත් කැළලක් ඇති වන ලෙස කටයුතු නොකරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements