Featured News

Video Gossip

Advertisement

ප්‍රසූත නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට එරෙහිව 
නීතිමය ක්‍රියාමාර්ග

දරු ප්‍රසූතියකට මුහුණ දෙන සේවක මවකට නීතියෙන් හිමි ප්‍රසූත නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ලෝක මවුකිරි දීමේ සතිය (අගෝස්තු 01-07) නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු නිලධාරී යූ.ටී.ඩබ්ලිව්. රත්නායක මහතා, මෙම අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලි කළේය.ඒ අනුව, රාජ්‍ය අංශයේ සේවිකාවකට දරු ප්‍රසූතියෙන් පසු වැටුප් සහිත සති 12ක නිවාඩුවක් හිමිවන අතර, පෞද්ගලික සහ වතු අංශවල සේවිකාවකට වැටුප් සහිත දින 84ක නිවාඩුවක් සඳහා නීත්‍යානුකූල හිමිකමක් පවතී. මෙම නිවාඩු කාලසීමාව තුළ යෙදෙන පෝය, ව්‍යවස්ථාපිත සහ අනෙකුත් ප්‍රසිද්ධ නිවාඩු දිනයන්, අදාළ දින 84ට හෝ සති 12ට අමතරව ලබා දිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

තවද, ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ කිරි දෙන මවුවරුන් සඳහා විශේෂ විවේක කාලයක්ද හිමි වේ. සේවා ස්ථානයේ දරුවන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් (දාරකාගාරයක්) නොමැතිනම්, මවට දිනකට පැය දෙකක මවුකිරි දීමේ විවේකයක් ලබාගත හැකිය. එවැනි පහසුකම් සේවා ස්ථානය විසින් සලසා ඇත්නම්, පැය භාගයක විවේකයක් හිමි වේ. මවගේ පහසුව අනුව මෙම විවේක කාලයන් සකසා ගැනීමටද අවස්ථාව පවතී.

සාප්පු හා කාර්යාල පනත, පඩිපාලක සභා ආඥා පනත සහ 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා පනත (2018 සංශෝධනය සහිතව) මගින් මෙම අයිතිවාසිකම් සියල්ල තහවුරු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements