Featured News

Video Gossip

Advertisement

මාලිමා මන්ත්‍රී පුද්ගලයකුගේ කන කපයි.
මන්ත්‍රී අත්අඩංගුවට 

ත්‍රිකුණාමලය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු සහ ප්‍රදේශවාසියකු අතර වූ ගැටුමකදී නාගරික මන්ත්‍රිවරයා, පිහියකින් එම පුද්ගලයාගේ කන කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වේ.

මේ දිනවල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් පවතින අතර ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය උප්පුවෙලි පෙදෙසේ කාණු පද්ධතිය අවහිර වීමෙන් එහි ප්‍රදේශවාසීන්ට අපහසුතා පවතින බවට ජාතික ජනබලවෙගය පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයකුට තොරතුරු ලැබී ඇත. ඒ අනුව එම මන්ත්‍රිවරයා විසින් නගර සභාවේ සේවකයන් පිරිසක් ද සමගින් පසුගිය 01දා අදාළ ස්ථානය වූ උප්පුවෙලි පෙදෙසට ගොස් ඇත්තේ එම කාණු පද්ධතිය පිරිසිදු කිරීමේ කටයුත්තටය.

නාගරික මන්ත්‍රිවරයා ඇතුළු සේවකයන් එම කාණු පද්ධතිය පිරිසිදු කරමින් සිටියදී එම ස්ථානයට තවත් පිරිසක් සමග පැමිණි ප්‍රදේශවාසියකු අදාළ කටයුතුවලට බාධා පමුණුවමින් මන්ත්‍රිවරයා සමග ගැටුමට මුලපුරා ඇති බව මන්ත්‍රිවරයා ගේ පාර්ශ්වය කියා සිටී. එහි දී දෙදෙනා අතර ගැටුමක් ඇති වී එම පුද්ගලයා විසින් මන්ත්‍රිවරයාට පොල්ලකින් පහරදීමට යාමේදී තම ආරක්ෂාව පතා මන්ත්‍රිවරයා විසින් පඳුරු කැපීම සඳහා රැගෙනවිත් තිබුණු පිහියකින් එම පුද්ගලයාට පහර දුන් බව ඔවුහු පවසති.

පහර කෑ පුද්ගලයා සහ නාගරික මන්ත්‍රිවරයා අතර පවතින පැරණි කෝන්තරයක් ඉස්මතු වීමෙන් මෙම ගැටුම හටගත් බවටද තොරතුරු ලැබී ඇත.

පිහියකින් පහරදී පුද්ගලයකුට තුවාල කිරීමේ චෝදනාව අදාළ මන්ත්‍රිවරයාව ත්‍රිකුණාමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements