Featured News

Video Gossip

Advertisement

කෙතරම් අවවාද කළත් නිසි මගට නොඑන මත්ස්‍ය වෙළෙඳසැලක්

මත්ස්‍ය අපද්‍රව්‍ය මාර්ගයට හා පරිසරයට බැහැර කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලුවක්

බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මත්ස්‍ය වෙළෙඳසැලකින් මත්ස්‍ය අපද්‍රව්‍ය මාර්ගයට හා පරිසරයට බැහැර කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් හටගෙන තිබේ.

ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවය.

අදාළ ව්‍යාපාරික ස්ථානය මගින් කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව මත්ස්‍ය අපද්‍රව්‍ය සහ අපිරිසිදු ජලය බාහිර පරිසරයට මුදාහරින බවට පැමිණිළි රැසක් ලැබී ඇති බවද ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිශ්ශංක විජේවීර මහතා පැවසීය.

මෙම ව්‍යාපාරික ස්ථානය මගින් තොග හා සිල්ලර මිලට මත්ස්‍ය අලෙවිය සිදුකරන බවත් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අවස්ථා රැසකදී එහි හිමිකරුට උපදෙස් හා අවවාද දී තිබෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද උපදෙස් දී තිබෙන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

මීට මාස කිහිපයකට පෙර මෙම ව්‍යාපාරික ස්ථානයේ කළ වැටලීමෙන් පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ 25 පමණ වටිනා නරක් වූ මත්ස්‍යන් විනාශ කිරීමටද පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපාරික ස්ථානය ප්‍රධාන මාර්ගයේ අවදානම් සහගත වංගුවක් අසල පිහිටා තිබෙන බවත් එම ස්ථානය අවට විශාල වශයෙන් වාහන නවතා තැබීමෙන් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඒ පිළිබඳව බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාටත් කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙතෙම කීවේය.

මේ අතර මෙම ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යංශයට හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටද පැමිණිලි කිහිපයක්ම සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements