ජනප්‍රිය නළුවෙක් කොකේන් සමග අත්තඩංගුවට | Celebrity Actor Detained with Illegal Drugs : Gossip Lanka
Actor
,
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
ජනප්‍රිය නළුවෙක් කොකේන් සමග අත්තඩංගුවට
ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන විරාජ් ධනූෂ විතානගේ නම් අය කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසනවා.
එම සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍යය මිලිග්‍රෑම් 10ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මත්තෙගොඩ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පිළියන්දල නගරය ආසන්නයේ මත්ද්‍රව්‍ය වැටලීමකට පැමිණ සැකකරු රැඳී සිටි කාමරය පරික්ෂා කර ඇති අතර අනතුරුව සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ මෙම කොකේන් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු අනුරාධපුර පදිංචිකරුවෙකි.
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි එම් ඩි ඩි නිලංග මහතාගේ මෙහෙයවීමෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
(බන්ඩාරගම බිමල් ජයසිංහ)

