විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර බලය ගත්තට පාලකයන්ට අත්දැකීම් නෑ…
මහානාහිමිවරුන්ට හැමදේටම මැදිහත් වෙන්න වෙලා…!
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
වර්තමාන රජය බලයට පත්වූයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට සාධාරණය ඉටුකරන බවට ප්‍රතිඥා ලබාදෙමින් වුවද, බලයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ සංවේදීතාවකින් තොරව කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.
එහිමියන් මේ බව ප්‍රකාශ කළේ, සංවර්ධන නිලධාරීන් වර්තමානයේ මුහුණ දී ඇති වෘත්තීය ගැටලු පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේය.බලය ලබාගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළද, පාලනය සම්බන්ධයෙන් පවතින අත්දැකීම් නොමැතිකම වත්මන් තත්ත්වයට බලපා ඇති බව පෙනී යන්නේ යයිද රටේ වත්මන් ගැටලුකාරී වාතාවරණය හමුවේ මහානායක හිමිවරුන්ට සෑම ප්‍රශ්නයකටම පාහේ මැදිහත් වීමට සිදුව ඇතැයිද උන් වහන්සේ පැවසූහ.
විගණකාධිපති වැනි තනතුරු පත්කිරීමට පවා මහානායක හිමිවරුන්ට නිවේදන නිකුත් කිරීමට සිදුවන තත්ත්වයක් අද නිර්මාණය වී ඇතැයිද උන් වහන්සේ පෙන්වා දුන්හ. වර්තමානයේ සමාජය තුළ විශාල වශයෙන් අපහාස කිරීම්, නින්දා කිරීම් සහ හෙළා දැකීම් සිදුවන බව නිරීක්ෂණය වන බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.