Advertisement

මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ඉදිරි සති කිහිපය

ශ්‍රී ලංකාවට තීරණාත්මකයි
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර අනතුරු අඟවයි


මැදපෙරදිග ප්‍රදේශයේ මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාව සඳහා තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

එම තත්ත්වය හේතුවෙන් රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී ප්‍රමාදයන් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

“වර්තමානයේ ඇතිවෙලා තියෙන යුදමය වාතාවරණය නිසා නැව් ගමනාගමනයටත් ගුවන් යානා ගමනාගමන කටයුතුවලටත් සීමාවන් පනවලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරපු අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාද වීමට ඉඩ තියෙනවා,” යැයි ඔහු ප්‍රකාශ කළේය.ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක බැවින් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එම හේතුවෙන් රට තුළ පවත්නා හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට රජය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (06) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පැවති සැසියකදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements