Advertisement

සරලභාවය ප්‍රශංසා කළ කතානායකට නිවාස දෙකක්?

ලේකම් එක්ක ලොරිස් පාරේ නිවාස දෙකකට එයි…!

කතානායක ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන දෙදෙනාට රජයේ නිවාස දෙකක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ බව පැවසෙන ලිපි දෙකක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව වාර්තා වෙයි.

එම ලිපි අනුව, නිවාස දෙකම කොළඹ ලොරිස් මාවතේ එකම නිවාස පරිශ්‍රයකින් වෙන්කර ඇති බව සඳහන් වේ. කතානායකවරයාට නිල නිවසක් හිමි වුවද, ඔහු එය දැනට භාවිත නොකරන බවද පැවසේ.

මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ජයවර්ධපුර පිහිටි කතානායක නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කරන බවයි. කෙසේ වෙතත්, එම ස්ථානයේ තවමත් කතානායකවරයාගේ කාර්ය මණ්ඩලය රැඳී සිටින බව වාර්තා වේ.

වර්තමාන කතානායකවරයා ධුරයේ වැඩ භාරගත් පසු පැවති නිදහස් උලෙළකට නිල රථය වෙනුවට වෑන් රථයකින් පැමිණීමත් ඔහුගේ සරල භාවය ලෙස බොහෝ පාර්ශ්ව විසින් අගය කර තිබුණි.

මෙම නිවාස වෙන්කිරීම සිදුව ඇත්තේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් නිල නිවාස භාවිත නොකරන බව ප්‍රකාශ කර ඇති පසුබිමක බව දේශපාලන වාර්තා සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements