විදුලි බිල නොගෙවීමෙන් රූපවාහිනී අයි නාලිකාව කොළඹින් වැසෙයි - පිදුරුතලාගලටත් රතු බිල් - ලංකාවටම නවතින ලකුණු
Channel Eye
,
local
,
News
රාජගිරියේ පිහිටි ෆයර්වේ හෝල්ඩින්ස් නිවාස සංකීර්ණයේ සවිකර ඇති ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ප‍්‍රතිවිකාශන කුළුණේ විදුලි සැපයුමට අදාලව පසුගිය මාස කිහිපයකට අදාලව රුපියල් හත්ලක්ෂ අනූනවදහසක (රු. 799,000) මුදලක් නොගෙවීම නිසා එහි විදුලි සැපයුම අත්හිටුවා ඇත. එමනිසා මේ වනවිට කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලට ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන්ගේ පැහැදිලි දසුන් නොලෙබෙමින් තිබේ.
තවද පිදුරුතලාගල විකාශන මධ්‍යස්ථානයේ විදුලි බිල්පත් නියමිත කාලයට ගෙවා නොමැති බැවින් මේ වනවිටත් රතුබිල් එවා ඇත. මේ හේතුවෙන් එම මධ්‍යස්ථානයේ විදුලිය කප්පාදු කිරීමට ඉදිරියේදී බලධාරීන් පියවර ගතහොත් ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන් ප්‍රේක්ෂකයන්හට නැරඹීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වනු ඇත.

