Advertisement

කොළඹ අලුත්ම තරු හෝටලය කාමර 687 ක් සමගින්  'සිනමන් ලයිෆ්' හෙට විවෘතවෙයි

ශ්‍රී ලංකාවේ නවතම තරු පන්තියේ හෝටලය කොළඹදී හෙට (15) 'සිනමන් ලයිෆ් ' නමින් විවෘතවේ. බේරේ වැව මායිමේ පිහිටා ඇත. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලදැයි පවසන මෙම සුඛෝපභෝගී හෝටල ව්‍යාපෘතියට ‍සංචාරකයින්ට නවාතැන්ගැනීමට ඉහළ මට්ටමේ පහසුකම්, ව්‍යාපාරිකයින්ට සම්මන්ත්‍රණ පැවැත්වීමට පහසුකම්, මංගල ප්‍රියසම්භාෂණ හා උත්සව ශාලා ඇතුළු සියලු පහසුකම් වලින් යුතුය.

හෝටලයටම යාබදව පොදු ජනතාවට විවෘත ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක්ද ඉදිකරමින් පවතින අතර එය ලබන වසරේ විවෘත කිරීමට අපේක්ෂා කරයි.ව්‍යාපාර, විවේකය මෙන්ම විනෝදාස්වාදය සපයන මෙම ස්ථානය Cinnamon Life at City of Dreams Sri Lanka නමින් නම් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements