Featured News

Video Gossip

Advertisement

කොළඹ අලුත්ම තරු හෝටලය කාමර 687 ක් සමගින්  'සිනමන් ලයිෆ්' හෙට විවෘතවෙයි

ශ්‍රී ලංකාවේ නවතම තරු පන්තියේ හෝටලය කොළඹදී හෙට (15) 'සිනමන් ලයිෆ් ' නමින් විවෘතවේ. බේරේ වැව මායිමේ පිහිටා ඇත. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලදැයි පවසන මෙම සුඛෝපභෝගී හෝටල ව්‍යාපෘතියට ‍සංචාරකයින්ට නවාතැන්ගැනීමට ඉහළ මට්ටමේ පහසුකම්, ව්‍යාපාරිකයින්ට සම්මන්ත්‍රණ පැවැත්වීමට පහසුකම්, මංගල ප්‍රියසම්භාෂණ හා උත්සව ශාලා ඇතුළු සියලු පහසුකම් වලින් යුතුය.

හෝටලයටම යාබදව පොදු ජනතාවට විවෘත ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක්ද ඉදිකරමින් පවතින අතර එය ලබන වසරේ විවෘත කිරීමට අපේක්ෂා කරයි.ව්‍යාපාර, විවේකය මෙන්ම විනෝදාස්වාදය සපයන මෙම ස්ථානය Cinnamon Life at City of Dreams Sri Lanka නමින් නම් කර ඇත.
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ආයෝජනය ලෙස සඳහන් කර ඇති මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ සංචාරක කර්මාන්තයට නවමු අරුතක් එක් කරන බව සමාගම දන්වා ඇත.

කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින් අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා ඇති අතර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර ඇත.
සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික හෝටල වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සේවය කරයි.

ඔක්තෝබර් 15 වන දින විවෘත වන සුවිශේෂී Cinnamon Life at City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස 2025 වසරේ මැද භාගයේදී සාප්පු සංකීර්ණයකින් හා ක්‍රීඩා අවකාශයන් සහිත විනෝදාස්වාද කලාපයකින් මෙන්ම කාමර 113කින් සමන්විත අධි සුඛෝපභෝගී NUWA හෝටල් පහසුකම විවෘත කිරීමටද පියවර ගෙන ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements