ලිට්ට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු සියලූ අධිචෝදනාවලින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ
(08 දා* නියෝග කළේය. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති කිසිදු අධි චෝදනාවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවට ඒකමතිකව නිගමනය කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

