තෙරුණි එහෙම නැතිනම් ජනප්‍රිය සුන්දර නවක නිළි මනීෂා චංචලා මේ වෙද්දී බොහෝ ප්‍රේක්ෂක ආදරය වගේම කාගෙත් අවධානය දිනා ගන්නට සමත් වී තිබෙනවා. ලාංකිකයන් ඇයව වඩාත් හදුනන්නේ ඇය රගපාන දෙරණ සිදු ටෙලි නාට්‍යයේ තෙරුණි චරිතය තුලින්. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක බාලයා වූ ඇයගේ උපන් ගම මහනුවර නුගවෙල.
ඇය කියන විදිහට ඇය පුංචි කාලේ ඉඳන්ම කලාවට ළැදිකමක් දක්වලා තියෙනවා. ඉතින් ඇගේ හැකියාවන් තේරුම් ගත්ත මනීෂගේ අම්මයි තාත්තයි ඇයව කලාවට යොමු කරලා තියෙනවා. ළමා නිවේදිකාවක් විදිහට 2008 දී මහනුවර, කඳුරට ෆ්ම් එකත් එක්ක එකතු වුණ මනිෂා ඊට පස්සේ දෙරණ ලිටිල් ස්ටාර් තරඟාවලියට එකතු වෙලා ඇය එහි 12න් පහළ ගායන තරගාවලියේ 4 වන ස්ථානය දිනා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ තමයි මනිෂා රංගනයෙන් පුංචි තිරයට එකතු වුණේ. මේ වෙද්දී ඇය දක්ෂ ගායිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් විදියට ප්‍රේක්ෂක අපට දැකගන්න පුළුවන්.

