සතියක පමණ කාලයක සිට නිවසින් අතුරුදන්ව සිටි 63 හැවිරිදි සිවුදරු මවකගේ මළසිරුරක් මිනිස් වාසයෙන් තොර ලග්ගල, රඹුක්‌ඔලුව ගම්මානයේ, ගඟහේන්වල ප්‍රදේශයේ තිබී 09 දින විල්ගමුව හා ලග්ගල පොලිසි විසින් සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මාතලේ, විල්ගමුව, පුස්‌සැල්ලයාය ප්‍රදේශයේ පදිංචි අලුත් ගෙදර සුදුමැණිකේ නමැති කාන්තාවකි.
මෙම කාන්තාවගේ අතුරුදන්වීම පිළිබඳව ඇයගේ බාල පුතා වන ඩී. එම්. අනුෂ්ක උදයංග යන අය විසින් විල්ගමුව පොලිසියට පැමිණිලි කර තිබිණි.





