සිය යාපන සංචාරය අතරතුරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (21) යාපනය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේශ්වරන්ගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක් පවත්වා තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විජයකලා මහේශ්වරන්ගේ නිවසේ පැවති ආහාර වේලකට එක්ව ඇති අතර සුහද පිළිසඳරකද නිරත විය.
හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයට එක්වු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේශ්වරන් මහත්මිය හමුවීම සුවිශේෂි කරුණකි.
