Advertisement

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙම මස පළමුවැනිදා සිට ඔහු ධුරයෙන් ඉවත්ව ඇති අතර සෞඛ්‍ය හේතුවක් මත සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බව ඉල්ලා අස්වීමේ ලිබියෙහි දැක්වේ.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස් මහතා පසුගිය 29වන දා සාක්ෂි ද ලබා දුන්නේ ය.

මෙන්ඩිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්ය පොලිස්පති ලෙස සේවය කර ඇති අතර 2008 සිට 2009 දක්වා ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත
අප්‍රේල් 21 වන දා මෙරට ස්ථාන කිහිපයක පිපිරීම් සිදුවිය හැකි බවට බුද්ධි තොරතුරු ලැබූ පසුව ද ආරක්ෂක කවුන්සිලය රැස්වීම සිදු නොවූ බව, අද(29) පළමුවරට රැස්වූ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධ සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අනාවරණය කළේ ය.

ඒ මහතා වැඩි දුරටත් අනාවරණය කර සිටියේ පෙබරවාරි 19 වැනිදායින් පසු ආරක්ෂක මණ්ඩලය රැස්වී නොමැති බවය.

බුද්ධි තොරතුරු අනුව ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ද ප්‍රහාර මාලාව සම්බන්ධව දැනුවත් වී සිටි නමුත් ආරක්ෂක මණ්ඩලය රැස්වී සාකච්ඡා පැවැත්වීමක් සිදු නොවූ බව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පැවසීය.

අද පැවති විශේෂ කාරක සභාව හමුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබාදුන්නේ ය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව මෙන්ම ඊට අදාලව විවිධ පාර්ශ්ව වලට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදුකරනු ඇති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements