Advertisement

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ කිසිදු පොලිස්‌ නිලධාරියකු මේ වනතුරුත් ඩුබායි දේශය බලා පිටත් කර යවා නොමැති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

 ඩුබායි පොලිසිය අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් පිළිබඳ මෙරට මාධ්‍යවලට මෙන්ම රටේ ජනතාවට තොරතුරු ලබා දෙන්නේ එම සැකකරුවන් පිරිස වෙනුවෙන් නීති ආධාර ලබා දීමට එහි ගොස්‌ සිටින නීතිඥයන් කණ්‌ඩායම විසින් බව ද ආරංචි මාර්ග කියා සිටියි.


 ශ්‍රී ලංකා පොලිසියට අතිශය වැදගත්කමක්‌ ඇති මෙම අපරාධකරු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඩුබායි වෙත යෑවිය යුතුව තිබූ බවට  මේ සම්බන්ධයෙන්  දිවයින පුවත්පත කළ විමසීමකදී පොලිස්‌ මූලස්‌ථානයේ උසස්‌ නිලධාරියකු කියා සිටි බව ඒම පුවත්පත පවසයි.

 එහෙත් මෙම අපරාධකරුවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හෝ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම හෝ පිළිබඳව ඩුබායි පොලිසිය සමඟ සාකච්ඡා කිරීමට මේ වනතුරුත් කිසිදු පොලිස්‌ නිලධාරියකු එහි යෑවීමට කටයුතු නොකිරීම බරපතළ තත්ත්වයක්‌ බව බව ඔහු කීවේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා  මෙසේ ද කියා පවසා ඇත.

 මධුෂ් ගැන තොරතුරු ගන්න පොලිස්‌ කණ්‌ඩායමක්‌ යවන්නෙ නැතිව අපි ඒ රටේ ඉන්න එක එක මිනිස්‌සුන්ගෙන් තොරතුරු ගන්නවා.

 මේ තොරතුරු තමයි මාධ්‍ය වල පළවෙන්නෙ. මේ විදියට පළවන බොහෝ තොරතුරු සත්‍යයෙන් තොරයි.

 ඒ වගේම අපරාධකාරයන් වෙනුවෙන් පෙනී සිටින්න ගිය නීතිඥයන් මේ රටේ විවිධ මාධ්‍යවලට විවිධ තොරතුරු ලබා දෙනවා. ඒකත් බොහොම නරක පූර්වාදර්ශයක්‌.

 මේ කටයුත්තේදී පොලිස්‌ මූලස්‌ථානය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු යෑයි ද ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements