Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

රටේ ආරක්ෂාවට බාධා කරමින් පසුගිය දා බෝම්බ පුපුරුවා හැරි අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන සාමාජිකයන් සොයා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය, බුද්ධි අංශ එකතු වී කරන මෙහෙයුම් සියයට සියයක් සාර්ථක බව පොලීසිය හා ත්‍රිවිධ හමුදාපතිවරු පැවසූහ.

මේ වන විට ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයකන් අසූවකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පවසන ත්‍රිවිධ හමුදාපති වරුන්, කිසිදු ආකාරයකින් කලබලයට පත් නොවී සන්සුන්ව මෙම මෙහෙයුම් සඳහා තවදුරටත් සහාය දෙන ලෙසත්, මෙම මෙහෙයුම් වලට බාධාවක් වන ආකාරයේ කිසිදු ආවේගශීලි ක්‍රියාවන්ට නොපෙළබෙන ලෙසත් ත්‍රිවිධ හමුදාපතිවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

යුද නාවික සහ ගුවන් හමුදාපතිවරුන් ද විශේෂ කාර්ය බළකායේ ප්‍රධානීන්ද පොලීසියේ ප්‍රධානීන්ද මෙසේ සිය මාධ්‍ය ප්‍රකාශකවරුන් හරහා මෙම ඉල්ලීම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔවුන් මාධ්‍ය දැනුවත් කිරීම ඊයේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

ඒ අතර වැරදි මාධ්‍ය වාර්තා බොහෝ මාධ්‍යවල සහ අන්තර්ජාලය ඔස්සේත්, වෙබ් අඩෙවිවලත් ප්‍රචාරය කෙරෙන බැවින් එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමු කර ඒ සම්බන්ධයෙන් සැකකරන පිරිස අත් අඩංගුවට ගැනීමටත් පියවර ගෙන ඇත.

ඊයේ දහවල් හිටි හැටියේ සියලු ප්‍රෙද්ශ වටලා ක්ෂණිකව සිදු කරන මෙහෙයුම් දියත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් අතර එසේ දියත් කළ මෙහෙයුම මගින් මෝදර ප්‍රදේශයේ දී අඩු බල සහිත අත් බෝම්බ විසිඑකක් කඩු හයක් සමඟ සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමට හැකි විය. තවද මෙම සංවිධානයේ යැයි සැකපිට විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිණි.

මේ අතර පුගොඩ ප්‍රෙද්ශයේ උසාවිය ආසන්නයේ පාලු ඉඩමක කුඩා ප්‍රමාණයේ බෝම්බයක් පුපුරුවා හැරිමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි .

මේ අතර මේ වන විට මෙම සංවිධානයට අමතරව පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ අවි ආයුධද මෙම මෙහෙයුම්වල දී අත් අඩංගුවට පත් වී ඇත.

මේ වනවිට මෙම සංවිධානයේ සාමාජිකයන් යැයි සැකකරන විදෙස් ජාතිකයන් කිසිවකුටත් රටින් පිටව යාමට නොහැකි වන ලෙස කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක විධි විධාන තර කර ඇත. කටුනායක ගුවන්තොටුපළට පිවිසෙන් මාර්ගය වසා ක්ෂණික මෙහෙයුමක් ද දියත් කෙරිණි.

ලෝක ත්‍රස්තවාදීන් යැයි අපරාධ වාර්තාවලින් නම් කර ඇති පිරිස මෙරටට පැමිණ මෙම ත්‍රස්ත සංවිධානයට සහා දී තිබේද යන්න හෙළි කර ගැනීම පිණිස රටින් පිටවන සෑම පුද්ගලයකුම දැඩි පරීක්ෂාවටත් ඔවුන්ගේ අනන්‍යතාව තදින්ම පරීක්ෂාවට ලක්කරන බවත් පොලීසිය පවසයි.

මේ අතර ජාත්‍යන්තර අයි එස් අයි එස් සංවිධානයේ සාමාජිකයන් බවට පසුගියකාලයේ දී බුද්ධි අංශමගින් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ඇස ගසාගෙන සිටි මෙරට පදිංචිකරුවන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමු කර. ඔවුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන්ගේ යම් කිසි කෙනකු මෙම අන්තවාදී ත්‍රස්ත සංවිධානය කළ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ වී සිටී ද යන්න පරික්ෂාවට ලක්කර තිබේ. මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හැත්තැපහකින් පමණ ප්‍රශ්න කිරීමේදී වැදගත් තොරතුරු රැසක් සමඟ එම සංවිධානයට සහාය වූ පුද්ගලයන් ගණානවකගේ විස්තර ද අනාවරණය වී තිබේ.

මෙම සංවිධානයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් වැඩි පිරිසක් නැඟෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයන් වන අතර මෙම සංවිධානයට කිසිදු සම්බන්ධතාවක් නැති නැඟෙනහිර පළාතේ සහ බස්නාහිර පළාතේ බොහෝ පිරිසකගෙන් මෙම අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් තොරතුරු විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ වෙත ලබා දීමද වැදගත් කරුණක් බව ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර මෙම අන්තවාදී ත්‍රස්තවාදි සංවිධානයට ඍජුවම සහ වක්‍රව සහාය දුන් විශාල පිරිසක් සිටින බව ත්, කාලයක් තිස්සේ මොවුන් මෙම සංවිධානයට සම්බන්ධ වී ක්‍රියා කර ඇති අතර , ආගමික සංවිධානයක් ලෙස එම සංවිධානයට පුද්ගලයන් බඳවා ගෙන පසුව එය අන්තවාදී සංවිධානයක් ලෙස මුස්ලිම් ආගමේ දර්ශනයට එහා ගිය අන්තවාදිී අරගලකාරි කටයුතු වලට ඇතුළත් වෙමින් එම සංවිධානයේ නායකයන් එහි සාමාජිකයන් වැරදි මතයක පිහිටුවා ඇති බව අත්අඩංගුවට පත්වී සිටින ඇතැම් සාමාජිකයන් පවසා තිබේ.

තවද මෙම සංවිධානයට සාමාජිකයන් වැඩි පිරිසක් බඳවාගෙනඇත්තේ මුදල්වලට බවද එම සංවිධානයේ සාමාජියන් පවසා ඇත. නැඟෙනහිර පළාතේ මෙම සංවිධානය විටින් විට දේශන පවත්වා ඇති අතර, මුස්ලිම් ආගම වෙනුවෙන් දිවි පිදීම ඔවුන්ගේ අරමුණ වී ඇත. මොවුන්ගේ කටයුතු සඳහා ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලැබී ඇති අතර, මෙරට සිටින කෝටිපති ව්‍යාපාරිකයන් විසින් ද එම සංවිධානයට මුදල් ලබා දී ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මෙම සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයක් බවට පත් කර මෙරටින් සහමුලින්ම පලවා හැරීම පිණිස සියලු ආරක්ෂක අංශ දියත් කරගෙන යන මෙහෙයුම් මගින් සති දෙකක් වැනි කාලයකින් එම සංවිධානය සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමට හැකිවන බවත්, මේ සඳහා සියලු ආරක්ෂ අංශ ප්‍රධානින් විටින් විට සාකච්ඡා කරමින් විවිධ ආකාරයේ උපක්‍රමික මෙහෙයුම් දියත් කරන බවත් ආරක්ෂක අංශ පවසයි.

ත්‍රිවිධ හමුදාවත් පොලීසියත් විශේෂ කාර්ය බළකායත් පෙරේදා පෙරවරුවේ සිට රට පුරා නොකඩා කළ මෙහෙයුම්වලින් පෙරේදා රාත්‍රියේ සිට ඊයේ අලුයම වනවිට සියලුම ප්‍රදේශවල නිවාස කඩ සාප්පු ගොඩනැගිලි ඇතුළු ස්ථාන සහ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇත.

ආරක්ෂක අංශ මෙසේ ආරම්භ කර ඇති මෙහෙයුම්වලට යුද්ධ හමුදාවේ අටදහසක පමණපිරිසක් ද, පොලීසියේ විසිපන්දහසක පමණ පිරිසක් ද ගුවන් සහ නාවික හමුදාවලත්, විශේෂ කාර්ය බළකාය ඇතුළු එම ආරක්ෂක අංශවලින් තවත් විසි දහසක පමණපිරිසක් ද යොදවා ඇත.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook