Advertisement

ජාතික ආරක්ෂාව සඳහා අමාත්‍යවරයෙක් පත් කරණ ලෙස තම සංවිධානය ඉදිරියේදී රජයෙන් ඉල්ලන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නීතීඥ රවී ජවර්ධන මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

ඔහු කියා සිටියේ පසුගියදා සිදුවූ ප්‍රහාරය සමඟ තම සංවිධානය රැස්ව කරුණු අටක් සම්බන්ධ යෝජනාවක් ඉදිරියේදී ජනාධිපති හා අගමැතිවරයාට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත්, ජාතික ආරක්ෂාවට අමාත්‍යවරයකු පත්කරන ලෙස ඉල්ලීම එහි මූලිකම කරුණ බවද ඔහු සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධූරය දරන සමයේදී නීතිය හා සාමය පමණක් නොව ආරක්ෂක අංශයේ වගකීමද පැවරුණේ ලලිත් ඇතුළත්මුදලි මහතාට බවත්, වර්තමානයේද ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය වන්නේ එවැනි පුද්ගලයකු බවද ඔහු අවධාරණය කළේය.

සුදු වෑන්වලින් මුස්ලිම් අන්තවාදය පරාද කරන්න බෑ !

මුස්ලිම් අන්තවාදය සුදු වෑන්වලින් අවසන් කළ නොහැකි බවද පෙන්වා දුන් ජයවර්ධන මහතා කියා සිටියේ, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කළ අයුරින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමද අපහසු බවයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හැදුනේද, වැඩුනේද විනාශයට පත්වූයේද මේ බිමේ උවද, මුස්ලිම් අන්තවාදය හැදුනේ මෙහෙ නොවන බවත්, එය වැඩුණේද මෙහෙ නොවන බවත්, එහෙයි එහි විනාශයද මෙහි විය නොහැකි බවත් ඔහු පැවසීය.

වසර විස්සක් පුරාවට ඇමරිකාවට ද මුස්ලිම් අන්තවාදය අතුගා දැමිය නොහැකිව තිබයදී එය සුදු වෑන්වලින් අතුගා දැමිය හැකි බව කීම විහිළුවක් බවද ඔහු සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements