Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ජාතික ආරක්ෂාව සඳහා අමාත්‍යවරයෙක් පත් කරණ ලෙස තම සංවිධානය ඉදිරියේදී රජයෙන් ඉල්ලන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නීතීඥ රවී ජවර්ධන මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

ඔහු කියා සිටියේ පසුගියදා සිදුවූ ප්‍රහාරය සමඟ තම සංවිධානය රැස්ව කරුණු අටක් සම්බන්ධ යෝජනාවක් ඉදිරියේදී ජනාධිපති හා අගමැතිවරයාට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත්, ජාතික ආරක්ෂාවට අමාත්‍යවරයකු පත්කරන ලෙස ඉල්ලීම එහි මූලිකම කරුණ බවද ඔහු සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධූරය දරන සමයේදී නීතිය හා සාමය පමණක් නොව ආරක්ෂක අංශයේ වගකීමද පැවරුණේ ලලිත් ඇතුළත්මුදලි මහතාට බවත්, වර්තමානයේද ජාතික ආරක්ෂාව සඳහා අවශ්‍ය වන්නේ එවැනි පුද්ගලයකු බවද ඔහු අවධාරණය කළේය.

සුදු වෑන්වලින් මුස්ලිම් අන්තවාදය පරාද කරන්න බෑ !

මුස්ලිම් අන්තවාදය සුදු වෑන්වලින් අවසන් කළ නොහැකි බවද පෙන්වා දුන් ජයවර්ධන මහතා කියා සිටියේ, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කළ අයුරින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමද අපහසු බවයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හැදුනේද, වැඩුනේද විනාශයට පත්වූයේද මේ බිමේ උවද, මුස්ලිම් අන්තවාදය හැදුනේ මෙහෙ නොවන බවත්, එය වැඩුණේද මෙහෙ නොවන බවත්, එහෙයි එහි විනාශයද මෙහි විය නොහැකි බවත් ඔහු පැවසීය.

වසර විස්සක් පුරාවට ඇමරිකාවට ද මුස්ලිම් අන්තවාදය අතුගා දැමිය නොහැකිව තිබයදී එය සුදු වෑන්වලින් අතුගා දැමිය හැකි බව කීම විහිළුවක් බවද ඔහු සඳහන් කළේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook