Advertisement

රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද(30) පැවසූහ. තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වැදගත් බැවින් තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන ලෙසද අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලීමක් කළහ.

බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ. ආරංචියක් ගියා වෙඩි නොවදින රථයක් මට දුන්නා කියළා. එවැනි රථයක් මට දීලා තියෙනවා. අනිත් එක මට එහෙ මෙහේ යන්න එපා කියලත් කියලා තියෙනවා. ආරක්ෂාව සදහා යොදවලා තියෙන අය ගෙනත් දෙන වාහනයකට මම නගිනවා. මම අහන්න යන්නේ නැහැ මෙකට වෙඩි වදිනවද නැද්ද කියළා. ආරක්ෂකයින් ලබා දෙන වාහනයකින් මම මගේ ගමන යනවා. වෙඩි නොවදින රථයක් මට ලබා දුන්නා කියන ආරංචිය ලැබුණු විගස මම එම රථය ප‍්‍රත්ක්ෂේප කරලා ඒක රැගෙන යන ලෙසට දැනුම් දුන්නා. දැන් ඒක යවලා තියෙනවා. ඒක ඉස්සරහට මම පාවිචචි කරන්නේ නැහැ.

කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීතුමා තමයි මේක අරන් දෙන්න ඕන කියලා තියෙන්නේ. මම එතුමාට කිවුවා මේක ආපහු රැගෙන යන්න කියලා. මට සාමාන්‍ය වාහනයක ගිහින් ආරක්ෂාව සපය ගන්න පුළුවන්. ඒ ආරක්ෂාව දෙවියන් වහන්සේ මට ලබලා දීලා තියෙනවා. ආරක්ෂාව නැතුව මොනව හරි හිරිහැරයක් කරදරයක් වුනොත් ඒකටත් මුහුණ දෙන්න මම සූදානම්.

ජනතාවගේ සහ රටේ ආරක්ෂාව තමයි මෙතනදි මට වඩා වැදගත් වෙන්නේ. මම කියන්නේ එක පුද්ගලයෙක් විතරයි. මුළු ලංකාවේම ජනතාව ආරක්ෂා කිරීම වැදගත් වන නිසා තමයි මම එවැනි පියවරක් ගත්තේ’’ යැයිද අගරදගුරුතුමා එහිදී පැවැසීය.

නිමල කොඩිතුවක්කු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements