Advertisement

හිටපු ඉන්දීය අගමැති රfori1ජිව් ගාන්ධි තම වෙඩි නොවදින කබාය සහ ඉන්දීය රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට දුන් බව තමිල්නාඩුවේ අන්නා ඩි එම්. කේ. පක්‍ෂ නායක පන්රුටී රාමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

රජිව් මේ දේ සිදු කළේ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා බවද හෙතෙම කියා සිටියේය.

මෙම ගිවිසුමට දායක වූ පිරිසගෙන් ඉතිරිව සිටින්නේ තමා පමණක්‌ බවද රාමචන්ද්‍රන් තවදුරටත් හෙළි කළේය.
මේ ගිවිසුමට මුල් වූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ ඡේ. එන්. ඩික්‌සිත් බව පැවසූ රාමචන්ද්‍රන් ඉන්දු ලංකා ගිවිසුම අනුව ද්‍රවිඩ ප්‍රදේශ පාලනය කිරීම කොටි සංවිධානයට ලබාදීම තීරණය වූ බවද කීවේය.

නව දිල්ලියේ තමිල්නාඩු හවුස්‌හි පැවැති සාකච්ඡාවට ප්‍රභාකරන් සහ ඇන්ටන් බාලසිංහම්ද සහභාගී වූ බව තවදුරටත් සඳහන් කළ රාමචන්ද්‍රන් උතුරේ මහ ඇමැති ධුරය කොටි සංවිධානයට ලබාදීමටද ඉන්දියාව එකග වූ බව කීවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements