Featured News

Video Gossip

Advertisement

කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙය කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත් තමන් මේ හේතුවෙන් දැඩි කම්පනයට හා වේදනාවට පත්ව සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

“කිසි විටෙක බලාපොරොත්තු නොවු සිදුවීමක් සිදු වී තිබෙනවා. මා මෙන්ම ලක් වැසි සියලු දෙනාම දැඩි ලෙස වේදනාවට සහ කම්පනයට පත්ව සිටිනවා. මෙම ප්‍රහාර පිටුපස ඇත්තේ කුමන කුමන්ත්‍රණයක්ද යන්න තවම පැහැදිලි නැහැ. මේ පිළිබඳව සෙවීම සඳහා ආරක්ෂක අංශ වට උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන් මේ වන විට ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.

ජනතාවට සන්සුන්ව සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා. කිසිදු අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. රජය මේ සම්බන්ධ පියවර‍ රැගෙන තිබෙනවා. එම වගකීම් ඉටු කරනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements