Advertisement

දෙමටගොඩ පළමු පිපිරීම සිදුවූ නිවසේ සැකකටයුතු පුද්ගලයෙකු රැදී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් තිදෙනෙකු විසින් සිදුකළ පරික්ෂාවකදී එම පුද්ගලයා විසින් බෝම්බයක් පුපුරුවාගෙන තිබෙන බව පොලීසිය පවසයි.

එම පිපිරීමෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටි පොලිස් නිළධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සුන් බුන් අතර තිබී ඔවුන්ගේ සිරුරු මේ වනවිට සොයාගෙන රෝහල් භාරයේ තබා ඇත.

පිපිරීම සිදුවූ ස්ථානයට ආසන්න නිවාස තවදුරටත් පරීක්ෂා කරන අතර ඒ සඳහා විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද එක්ව ඇත.

එසේම සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම අද රාත්‍රියේ මඩකලපුව, යාපනය , බදුල්ල ආදී තැපැල් දුම්රිය සේවාවන් ක්‍රියාත්මක නොවන බවත් සාමාන්‍ය මගී ප්‍රවාහන දුම්රිය සේවා පවණක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය.

එසේම මගීන්ගේ ගමන්මලු පරීක්ෂා කරන බවත් තමන්ගේ ගමන් මළු පමණක් තමා සතුව තබාගත යුතු බවත් නැවත දැනුම්දෙන තුරු දුම්රිය දෙපාර්තමේන්තුව පාර්සල් භාර නොගන්නා බවත් ඒ මහතා පැවසීය.

විදෙස් ගත වීමට පැමිණෙන පිරිස් අතුරින් ගුවන් මගීන් පමණක් ගුවන් තොටුපළ තුළට ඇතුළුවීමට අවසර හිමිවන බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි. වෙනස් පිරිස් ගුවන් තොටුපල තුළට ඇතුළු කර නොගන්නා බවත් රථවාහන ඇතුළු සියල්ල පරීක්ෂාවට ලක්කරන බවත් ගුවන් තොටුපල ආරක්ෂක අංශ පවසයි.


මේ අතර අද (21) උදෑසන සිට ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් බවට ඒ සම්බන්ධයෙන් සිදුකල මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

ගාලු මුවදොර ශැන්ග්‍රීලා හෝටලයේ සීසීටීවී දර්ශණ පරීක්ෂා කිරීමේදි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කිලෝ 25 පමණ බරැති C- 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය අදාළ පිපිරීම සදහා සකසන ආකාරය පැහැදිලිව දක්නට ලැබෙන බව වාර්තා වනවා.

හෝටලයේ කොරිඩොවේ සහ ආපනශාලා පරිශ්‍රයක් තුල මෙසේ පුපුරණ ද්‍රව්‍ය ස්ථානගත කල ආකාරය එහි දක්නට ලැබේ.

මේ අතර කටුවාපිටිය කතෝලික දේවස්ථානය වෙත බොම්බ රැගෙන ආ පුද්ගලයාගේ රුව සහිත සීසීටීවී දර්ශණද ආරක්ෂක අංශ වෙත ලැබී ඇත.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements