Advertisement

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා මැදමුලන සිය නිවසට අද (10) පස්වරුවේ දී මාතර සිට බෙලිඅත්ත බලා ගමන් ගන්නා දුම්රියෙන් ගමන් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් අද පස්වරු 5.50ට මාතර දුම්රිය ස්ථානයෙන් බෙලිඅත බලා ගමන් ගන්නා දුම්රියට ගොඩවන අතර පස්වරු 06.20ට පමණ ඔවුන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපන්දිනය ද අදට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් උපන්දින කේක් ගෙඩියක් ද මෙම දුම්රියේ දී කැපීමට නියමිත බවයි.

මාතර සිට බෙලිඅත්ත බලා ගමන් ගන්නා දුම්රිය ගමන සඳහා විපක්ෂ නායකවරයා සමග නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ඩී.වී. චානක, කාංචන විජේසේකර හා නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ හිතවතුන් පිරිසක් සහභාගිවීමට නියමිත බව ද සඳහන්.

ඉෂාර සිල්වා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements