කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ මාර්ගයක තිබී හමුවූ බෝම්බයක් ගුවන් හමුදාව විසින් නිශ්ක්‍රීය කර තිබේ.
ඊයේ (21) රාත්‍රී 11.10ට පමණ මෙම බෝම්බය නිශ්ක්‍රීය කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ඊයේ රාත්‍රියේ ජංගම මුර සංචාරයක නියැළුණු ගුවන් හමුදා භට පිරිසකට මෙම බෝම්බය හමුව තිබුණේ කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබියදීය.
මෙම බෝම්බය අඩි 6ක් පමණ දිග පී.වී.සී. බටයක් තුළ අටවා සකස් කළ එකක් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පෞද්ගලික විදෙස් සංචාරය නිමවා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ද මීට ආසන්න වේලාවක බව පැවසේ.

