Advertisement


ආණ්ඩුව හා පොලීසිය නාටකයක් රඟ දක්වනවා 
කතෝලික පල්ලිය එක්ක හැප්පෙන්න එපා 
අපි ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයට යනවා

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

එම සිද්ධියේ සත්‍යය හෙළි කරගන්නා තුරු සටන් කරන බව කී කාදිනල්තුමෝ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ‘මුනි’ නැමති සැකකරු ඇතුළු පිරිසට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ සම්බන්ධව නීතීඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළහ.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය.
අගමැති පාප්වහන්සේ මුන ගැසී පාස්කු ප්‍රහාරය සගවන්න හදනවා

අග්‍රාමාත්‍යවරයාගේ යෝජිත වතිකානු සංචාරය පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී (07) අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය.

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ යෝජිත සංචාරයේදී ද්විපාර්ශවීය කරුණු කාරණ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත්, පාස්කු ප්‍රහාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සිදුවන බවය.

මේ අතර (08) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ, කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා බොරැල්ල පොදු සුසාන භූමියේ ඉදි කෙරුණු ස්මාරකයට පූෂ්පෝපහාර දැක්වීමක් අද සිදුවිය.

ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප‍්‍රධාන වගකිව යුත්තන් සොයා ගන්නා බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පොරොන්දු ගොඩක් දුන් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති.
2019 වසරේ වාර්තා පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී මරාගෙන ප්‍රහාර සම්බන්ධයෙන් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම් ගැන කතෝලික පල්ලිය ද දැනුවත්ව තිබීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර අද ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙනී සිටිමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.
කාදිනල් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසයි.

නමුත් එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවද ඔහු කියා සිටී.
හිටපු ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ සිටින සමහරුන් පවා දැන දැනත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අවශ්‍ය පියවර ගත්තෙ නෑ අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධව යම් ප්‍රකාශයක් ජනතාවට ලබාදේවි කියලා.

ගිය ආණ්ඩුවේ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ සිටින සමහරුන් දැන දැනම පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ අවශ්‍ය පියවර ගෙන නෑ. රටේ හිටපු ලොකුම නායකයන්, එසේම සිද්ධියට ගෑවී සිටින සියලුදෙනා සී.අයි.ඩී.යට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. අපිට ඡන්ද තිබ්බත් එකයි නැතත් එකයි. අපි ජනතාවත් එක්ක පාරට බහින්න සූදානම් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ කියා සිටියහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ හැත්තෑ තුන්වැනි අගරදගුරු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රාගම බැසිලිකා දෙව් මැඳුරේ පසුගියදා (07දා) පැවැති සැමරුම් උත්සවයකට සහභාගි වෙමිනි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. 

එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන බව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ නමුත් එම පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති බවයි කාදිනල්වරයා පෙන්වා දෙන්නේ.
නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
පසුගිය පාස්කු ඉරිදා (අපේ‍්‍රල් මස 21 දා) මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාරයෙන් දැඩි හානියට පත් වූ මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර යළි පිළිසකර කිරීමෙන් අනතුරුව ආසිරි ගන්වා යළි බැතිමතුන් වෙනුවෙන් විවෘත කිරීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඊයේ (21 දා) සිදුකරනු ලැබීය.

බෝම්බයට ගොදුරුවී මියගිය බැතිමතුන්ගේ දූ දරුවන්, ඥාති හිතමිතුරන් සහ ප‍්‍රහාරයෙන් ආබාධ වී ප‍්‍රතිකාර ලබන බැතිමත්හු පිරිසක් රෝද පුටුවලින් පැමිණ එම අවස්ථාවට සහභාගි වූහ. දෙව් මැඳුර පිළිසකර කිරීම යුද හමුදා නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුවිය.
සුප්‍රසිද්ධ දෙව් මැදුරකට සහ ගිහි අපෝස්තලික සේවා ආයතනයකට යළිත් පහරදීමට සුදානමින් සිටින බවට විදෙස් ඔත්තු සේවා විසින් දැනුම්දී ඇති බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ අගරදගුරු පදවියේ සියලූම කතෝලික පෞද්ගලික පාසල් සහ දේවස්ථාන ලබන සතියේද වසා දැමීමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් දැනුම් දී තිබෙනවා.
රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද(30) පැවසූහ. තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වැදගත් බැවින් තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන ලෙසද අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලීමක් කළහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements