Advertisement

දෙවන වාරය සඳහා මැයි 06වනදා පාසල් ආරම්භ කරන්නේ 06 වන ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා පමණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ආරක්ෂක සැලැස්ම යටතේ පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ලබන 13වනදා ආරම්භ කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා රජය විසින් විශේෂ ආරක්ෂක සැලසුමක් ක්‍රියාවට නංවා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

දිවයින පුරා පාසල් අවට විශේෂ ආරක්ෂාවක්

ලබන සඳුදා සිට පාසල් වාරය යලි ආරම්භ වන බැවින් දිවයින පුරා පාසල් වල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවත් ඒ වෙනුවෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව මේ වන විට පාසල් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව හෙට (05) දින දහවල් 1.00 න් පසුව කොළඹ පාසල් අවට වාහන නතර කිරීමෙන් වලකින ලෙස සියලුම වාහන හිමියන්ට පොලිසිය දැනුම් දෙනවා. ඒ කොළඹ සියලුම පාසල් අවට හෙට දිනයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට ආරක්ෂක අංශ සුදානම්ව සිටීම හේතුවෙනි. 

මේ අතර පාසල් ආරම්භ කිරීමෙන් අනතුරුව පාසල්වලට ළමුන් රැගෙන එන වාහන සහ පාසල් කාර්ය මණ්ඩලයේ වාහන නතර කිරීමට ඒ ඒ පාසල් වෙනුවෙන් විශේෂ වාහන නවතාලීමේ ස්ථාන වෙන් කර ඇති අතර අද (04) දිනය තුල එම ස්ථාන පිලිබදව මාධ්‍ය හරහා දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements