Advertisement

ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමග ඍජු සබඳතා පැවැත්වූ කල්පිටිය කන්දකුලි ප්‍රදේශයේ මවුලවීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියාස් නමැති මෙම මවුලවීවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ නිවසක රැඳී සිටියදීයි. මොහු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට චෝදනා රැසක් එල්ල කළ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම මවුලවීවරයා ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාකච්ඡා සඳහාද සහභාගී වූ අයෙකු බව හෙළිවී තිබෙනවා.

ජාතික බලසේනා නම් වටරැක විජිතහිමි සහ මුස්ලිම් ජාතිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානයක් විසින් 2014 වර්ෂයේ අප්‍රේල් මස කොලඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට ද මෙම මවුලවීවරයා සහභාගී වි ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රමුඛ හිමිවරුන්ගේ මැදිහත්වීමත් සමග එම මාධ්‍ය සාකච්ඡාව අත්හිටුවීමට එම සංවිධානයට සිදුවුණා. සැකකාර මවුලවීවරයාගෙන් තවදුරටත් ප්‍රශ්ණ කිරීම් සිදු කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. බිබිල ප්‍රදේශයේ වෙළඳසැලක වහලයේ සගවා තිබූ ටී 56 ජීව උණ්ඩ 27ක් පොලීසිය විසින් අද සොයා ගත්තා. වෙළඳසැලේ හිමිකරු ද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර මාතලේ කලල්පිටිය වැලිකන්ද ප්‍රදේශයේ ගෙවත්තක අද දහවල් පිපිරුමක් සිදුවූ අතර පසුව අනාවරණ වූයේ රිලවුන්ගෙන් වගාබිම් ආරක්ෂා කිරීම සඳහා අඟල් 08ක බටයක රතිඤ්ඤා කරල් දමා එම පිපිරුම සිදු කර ඇති බවයි. අවට ගම්මාන රැසකට ද මෙම පිපිරුමේ ශබ්දය ඇසී තිබෙනවා. මීට සම්බන්ධ පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර පසුව පොලීසිය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ද දියත් කළා. 

මේ අතර කොස්ලන්ද හීවැල්කදුර ප්‍රදේශයේදී ජීව උණ්ඩ 24ක් සහ යුද හමුදාව භාවිත කරන කැමා වර්ගයේ ඇඳුමක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements