Featured News

Video Gossip

Advertisement

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණු මෙරට ප්‍රධානතම සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට එවීමෙන් පසු කටුනායකදී CID භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම 5.00ට පමණ ඔහු දිවයිනට පැමිණි බවයි.

දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීම ඇතළු ඝාතන චෝදනා රැසකට සම්බන්ධ මාකඳුරේ මධුෂ් මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙකි.

ඔහුට එරෙහිව කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවට ද චෝදනා එල්ල වී තිබේ.

මීට අමතරව කළුතරදී පාතාල කල්ලි සාමාජික සමයං නමැත්තා රැගෙන යමින් ගමන් ගත් බන්ධනාගාර බස් රථයට වෙඩි තබා ඔහු ඇතුළු 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඔහුට එරෙහි තවත් චෝදනාවකි.

මෙවන් පසුබිමක් තුළ මෙරටින් පළ ගොස් ඩුබායිහි සුඛෝපභෝගී දිවියක් ගත කළ මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ පසුගිය පෙබරවාරි 5 වැනිදායි.

ඒ ඩුබායි සුපිරි හෝටලයකදී සිය දරුවෙකුගේ උපන් දින සාදයක් පවත්වමින් සිටියදීයි.

ඔහු සමග අත්අඩංගුවට පත්වූවන් අතරින් 30 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඒ අතරින් මාකඳුරේ මධුෂ්ගේ සහාකයෙකු වන අපරාධ රැසකට සම්බන්ධ කංජිපානී ඉම්රාන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පැවසී ය.

තවත් කිහිපදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඩුබායි අත්අඩංගුවේ සිටි මධුෂ් එරට අධිකරණයකට නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටියේ, තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි.

මාකඳුරේ මධූෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කළේ, තමාට ජීවිත තර්ජන ඇති බව සහ තවත් කරුණු කිහිපයක් දක්වමිනි.

මේ අතර වාරයේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා එරට බලධාරීන් හමුවී මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලීමක් ද සිදු කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements