Advertisement


කුරුණෑගල පොලිසිය මගිකන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද උදෑසන වාර්තා කර තිබේ.

ඊයේ (24) රාත්‍රී කුරුණෑගල නුවර පාරේ විරසිංහ මාවත 151/29 දරන නිවසේදී අත්අඩංගුවට පත් 42 හැවිරිදි මෙම වෛද්‍යවරයා සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් වන බවද වාර්තා කර තිබේ.

නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂෆි ෂිහාබ්ඩීන් මහතා තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ ඊයේ (24 වැනිදා) පිළිගෙන ඇත. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් ඊයේ (24) සවස සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව හෙළිකළේ යෑයි රෝහල් ආරංචි මාර්ග පැවසීය. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතා කුරුණෑගල මහ රෝහලේ බලධාරීන්ගෙන් ඊයේ සවස ප්‍රකාශ ලබාගෙන තිබුණි. 

වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බව පවසමින් වෛද්‍ය ෂෆි මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට තමාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් කු=රුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත දැනුම් දීමක්‌ ද කර ඇත. 

වඳ සැත්කම් කළ බවට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කරමින් රෝහලේ අලුත උපන් දරුවන් විකිණීම මෙන්ම ඉතා කෙටි කාලයක්‌ තුළ අසීමිත ආකාරයට මුදල් ඉපැයූ බවට ද මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග සහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements