Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු සොයා බැලීමට පත් කළ නාවික හමුදාවේ කුමාර නමැති බුද්ධි නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නිසා පසුගිය 21 වැනිදා එල්ල වූ ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

ජාතික හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර තිබූ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මෙසේ ද පැවසූහ.

අන්තවාදී සංවිධාන විසින් බිහිසුණු ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව බුද්ධි අංශවලට වාර්තා වී ඒ පිළිබඳව සොයා බැලීම සඳහා වෙනම නිලධාරියකු පුහුණු කළා. ඒ ආකාරයට පුහුණු කරලා තිබෙන්නේ නාවික හමුදාවේ කුමාර නමැති බුද්ධි නිලධාරියෙක්. එම නිලධාරියා පුහුණුව ලබලා විමර්ශන කටයුතුවල නිරතව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගත් පසු ඔහුගේ ඉහළ නිලධාරීන් විසින් ඔහු නිරතව සිටින කාර්යය පිළිබඳවත්, එම කටයුත්ත අවසන් වන තුරු නිදහස් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා. එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරලා තිබෙනවා. ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් උඩ අත්අඩංගුවට ගත් බවත්, එම නිසා නිදහස් කළ නොහැකි බවත්, බුද්ධි නිලධාරියාට ඔහුට පැවරූ කාර්යය ඉදිරියට කරගෙන යෑමට ඉඩ දුන්න නම් ඔහු සියලූ තොරතුරු සොයා ගන්නවා. එසේ වුවා නම් මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට හැකි වන්නේ නෑ. එම නිසා මෙම සිදුවීම පිළිබඳව අපරාධ පරීක්්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතුයි. හරි නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතුයි. 

රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරලා තිබුණා ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත කර ගැනීමට නොහැකි වූ නිසා මෙම ප‍්‍රහාරය එල්ල වූ බව. එහෙම කියලා දැන් එම පනත සම්මත කර ගැනීමට උත්සාහ දරනවා. පොල් ගාන්නේ නැතිව එම පනත සම්මත කරන්න කියලා ප‍්‍රකාශ කරලත් තිබෙනවා. ජිනීවාවලින් කියලා තිබෙනවා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරලා අලූත් එකක් ගේන්න කියලා. ප‍්‍රතිත‍්‍රස්ත පනත කියලා මේ ගේන්න හදන්නේ ඒක තමයි. මෙයින් පැහැදිලි වෙනවා මේ ආණ්ඩුව ජාත්‍යන්තර අවශ්‍යතා මිස මේ රටේ අවශ්‍යතා ඉටු නොකරන බව. දැන් මේ රටේ ජනාධිපති සහ අගමැති කතා පවත්වනවා මිස කියන දේ කරන්නේ නෑ.

එදා ලංකාවේ පොලිසිය, ඉන්ටපෝල්් එකට සමානව තිබුණා. නමුත් ජේ. ආර්. ජයවර්ධන එම තත්ත්වය විනාශ කළා. එදා එෆ්. අයි. බී. එක හොඳින් කි‍්‍රයාත්මක වූවා මමත් එම ආයතනය සමඟ සම්බන්ධ වී හුඟක් දේවල් කරලා තිබෙනවා. නමුත් එම ආයතනයත්, එක් පොලිස්පතිවරයකු පත් වීමෙන් පසුව විනාශ වූවා. එමනිසා මේ වනවිට පොලිසියේ ජාතික බුද්ධි තොරතුරු අංශය බිඳවැටී තිබෙනවා. නමුත් යුද සහ නාවික හමුදාවල බුද්ධි අංශ නම් තවමත් තරමක් දුරට ශක්තිමත්ව තිබෙනවා. නමුත් ඒ ආයතනවලටත් කි‍්‍රයාත්මක වීමට ඉඩ දෙන්නේ නෑ. මේ වනවිට නාවික සෙබළුන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 

වගේම බුද්ධි අංශ නිලධාරීන් 55 දෙනකුගෙන් ප‍්‍රශ්න කරලා තිබෙනවා. මෙම කටයුතු නිසා බුද්ධි අංශ නිලධාරීන් කවුද යන්න හෙළිදරව් වී තිබෙනවා. එම නිසා ඔවුන්ට දැන් එම රාජකාරියේ යෙදීම අපහසු වී තිබෙනවා. ඒ ආකාරයට තමයි බුද්ධි අංශ දුර්වල වී තිබෙන්නේ. එම තත්ත්වය ත‍්‍රස්තවාදීන්ට වාසියක් වී තිබෙනවා. මෙම කටයුතු සිද්ධ වෙන්නේ ජාත්‍යන්තරයේ දෙමළ ඩයස්පෝරාවේ සහ දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය මත තමයි. 

ලබන වෙසක් පෝය දිනයට බුදුන් වහන්සේ කැලණියට වැඩම කරලා අවුරුදු 2600 ක් සම්පූර්ණ වනවා. ඒ නිමිත්තෙන් ලංකාව පුරාම බෞද්ධයන් නොයෙක් කටයුතු සංවිධානය කරනවා. මම බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා එම කටයුතු සඳහා වැයවන සියලූ මුදල් මෙම විපතෙන් අසරණ වූ කතෝලික පවුල්වලට ලබාදීම සඳහා කාදිනල්තුමාට භාර දෙන්න කියලා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook