Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මෙරට ක‍්‍රියාත්මක ඉස්ලාම් ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය දක්වන තෝරු මෝරු නිදැල්ලේ සිටියදී හාල්මැස්සන් පමණක් අත්අඩංගුවට ගැනීමෙන් සැබෑ අනතුර තුරන් කිරීමට නොහැකි බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියෝ ඊයේ (30 වැනිදා) පැවසූහ.

මීට සෘජු සම්බන්ධතා ඇතැයි සඳහන් මැති ඇමැතිවරු තවමත් සුපුරුදු පරිදි ඔවුන්ගේ රාජකාරි කරමින් ඇතැයිද එය තවත් මහා ව්‍යසනයක පෙර නිමිති බවද උන්වහන්සේ කීහ.

පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියෝ ඊයේ (30 වැනිදා) එම අදහස් පළ කළේ නාවල පාර රාජගිරිය ලිපිනයේ පිහිටි ශ‍්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියෝ මෙසේද කීහ.

ඉස්ලාම් අන්තවාදීන්ගේ කෲර ප‍්‍රහාර හමුවේ බුද්ධිමත්ව කළකෝලහාල නොමැතිව ඊට මුහුණ දුන් සියලූ දෙනාට අපගේ ගෞරවය පුදකර සිටිනවා. අද අපි මේ මාධ්‍ය සාකච්ඡුාව පවත්වන්නේ විශේෂ අනාවරණයක් කිරීම සඳහායි. ඇත්තෙන්ම මෙය කිසිදු ජනවර්ගයක, කණ්ඩායමක ආගමකට කරන සිත් රිදවීමක් නොවන බව කරුණාකර සලකන්න කියා ඉල්ලා සිටිනවා. අපි මෙතෙක් කළ අනාවරණයන් මේ වන තෙක් වැරදී නැහැ.

2014 ජුලි මස බොදුබල සේනා සංවිධානයට ද්‍රවිඩ භාෂාවෙන් නිර්නාමික ලිපියක් ලැබෙනවා. ඒ ලිිපිය අප දමිල මාධ්‍යවේදියකු ලවා සිංහලට පරිවර්තනය කර ගත්තා. එයද පිටු පහක දීර්ඝ ලිපියක්.

එම ලිපිය එවූ තැනැත්තා ඔහුව හඳුන්වා දී තිබුණේ මුස්ලිම් ජාතිකයකු විදිහටයි. මෙහිදී ඔහු ආගම දිවිහිමියෙන් ආරක්ෂා කළ යුතු ආකාරය ගැන ඔවුන්ගේ දේශකයන් කරන දේශනා ගැන සඳහන් කර තිබුණා. එසේම ජිහාඞ් සංවිධානයේ මවු සමාගමට බැඳීමට කළ ආරාධනා ගැන සඳහන් කර තිබුණා. එම සංවිධානය ගැන ජිහාඞ් සංවිධානය වත් නොදන්නා බව ඔහු ලිපියේ විශේෂයෙන් සඳහන් කර තිබුණා. ජිහාඞ් එක ලෝකය හමුවට දමා මවු සමාගම සැමට හොරෙන් කරන අනාවරණයක් එහි විස්තර කර තිබුණා.

මේ ඉගැන්වීම් අනුව ඉස්ලාම් දේශයක් වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕන තරම් මිනිසුන් නිර්මාණය වන බව ඔහු එහි සඳහන් කර තිබුණා. එසේම විවිධ වයස් සීමාවන්හි සාමාජිකයන් නොයෙක් වේශයෙන් රට සෑම තැනම ස්ථානගතව සිටින අයුරු එහි සඳහන්් කර තිබුණා.

ඒවගේම ලෝකයට හොරෙන් කටයුතු කරන එම පිරිස සාමාජිකයන්ට පමණක් හඳුනා ගැනීම සඳහා විශේෂ වචනයක් භාවිතා කළ බවත් එම විශේෂ වචනය ‘මදෙයි’ ලෙසත් එහි දැක්්වුණා. ‘මදෙයි’ වචනය කිව්ව සැණින් එම රහස් වචනය අනෙක් පුද්ගලයාත් එලෙස පවසන විට ඔහු තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු බවද එහි දැක්වුණා.

ඒ වගේම මේ ආණ්ඩුවේ ඉන්න බදියුදීන්, හකීම් ඇමැතිවරු අපේ හොඳම සාමාජිකයන් බවත් එහි කියවුණා. ඒ වගේම එම පුද්ගලයාව බෞද්ධ සංවිධානයක සාමාජිකයකු කළ සැටිත් ඔහුට තිබුණ සිංහල පෙනුම නිසා සිංහල නමක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාදී එම සංවිධානයට බඳවා දුන් හැටිත් ඔහු එහි විස්තර කරනවා.

මගෙන් ගත් තොරතුරු හරහා බෞද්ධ සංහාරයක් කිරීමට අපේ කණ්ඩායම කටයුතු කරන බව ඔහුට තේරුම් ගිය බවත් ඒ සඳහා මුල් කාලයේ ඉතා හොඳින් තොරතුරු රැස්කර සංවිධානයට ලබා දුන්නත් සිංහල මිනිසුන් වසර තුනක් පුරා ආශ‍්‍රය කිරීමෙන් ඔවුන් ම්ලේච්ඡුයන් නොවන බව තේරුම් ගත් බවත් ඔහු ලිපියේ සඳහන් කර තිබෙනවා.

අනුරාධපුර පිච්ච මල් පූජාවට ප‍්‍රහාර එල්ල කරන්නත්, එක දිනක් තුළ රට අල්ලන්න සැලසුම් තිබූ බව එහි දැක්වුණා. සෑම පල්ලියකම කඩු 300 ක් ගබඩා කර ඇතැයිද ඔහු එහි ලියා තිබුණා. එවැනි කරුණු රැසක් එහි තිබුණා.

මේ කරුණු අපි ආරක්ෂක අංශවලට දැන්වුවා. ඒ අනුව මේ සැලසුම් ව්‍යර්ථ වී ගියා වෙන්න පුුළුවන්. මේ ලිපියේ කරුණු අද ඇත්ත වෙලා තිබෙනවා.

මේ තත්ත්වය තුළින් රට මුදා ගැනීමට මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු මුස්ලිම් නායකත්වය පෙරමුණ ගත යුතුයි. නැතිනම් සමස්ත මුස්ලිම් ප‍්‍රජාව දැඩි පීඩාවකට පත්වීම වැළැක්විය නොහැකි කරුණක් වෙයි.

මේ ප‍්‍රහාරයේ තෝරු මෝරු සිටියදී අල්ලන්නේ හාල්මැස්සන් බවයි අපගේ විශ්වාසය. මේ ත‍්‍රස්තවාදය නඩත්තු කළ දේශපාලනඥයන් නිදැල්ලේ සිටීම බරපතල තත්ත්වයක් .

මුස්ලිම් අන්තවාදීන් නොයෙක් වේශයෙන් සමාජය තුළ සිටිනවා. ඒ ගැන සමාජය අවධානයෙන් සිටිය යුතුයි. අප රට තුළ වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වැරදි ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිංහල බෞද්ධයන් මුස්ලිම් ජනතාව සංහාරය කරන බවට ඔවුන් සාවi තොරතුරු වාර්තා කරනවා. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook