අද උදැසන කටුනායකදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුටෙව් ප්‍රශ්න කිරීමට යොමු කරැන බව ගොසිප්99 අප ඔබට සදහන් කලා.
මාකදුරේ මදූෂ් විසින් ඉදිරිපත් කළ N 5480656 දරන ගුවන් ගමන් බලපත්‍රය අනුව ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිටි අතර, ඔහුගේ උපන් දිනය ලෙස එහි 1979.02.20 දක්වා තිබුණා.
ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය 790516478V ලෙස සඳහන්ව තිබූ අතර, එම ගුවන් ගමන් බලපත්‍රය 2015.04.30 දින නිකුත් කර තිබූ එකක්ද වනවා.
මාකදුරේ මදූෂ් දිවයිනේ විවිධ ප්‍රදේශ රැසක සිදු කර තිබූ මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ තවත් අපරාධ රාශියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලීසි ගණනාවකට මෙන්ම අධිකරණ රැසකට ද අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වී සිටි බැව් සඳහන්.
මේ වනවිට මාකදුරේ මදූෂ් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.





