Featured News

Video Gossip

Advertisement

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඉල්ලා සිටියද මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (07දා) පැවසූහ.

තමාට යම් යම් බාධා ඇතැයි ජනාධිපතිවරයාගේ අදහස වූ බවත්, ඍජු තීරණයක් ගත නොහැකි මෙවැනි ජනාධිපතිවරයෙකුගෙන් රටට ප්‍රයෝජනයක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ බලපෑම හේතුවෙන් ඥානසාර හිමියන් නිදහස් නොකර සිර කරගෙන සිටින බවද ආනන්ද හිමියෝ පෙන්වා දෙති.

රටම ගිනි ජාලාවක් බවට පත්කර නිරායුධ අහිංසක ජනතාව සිය ගණනක් ඝාතනය කළ පුද්ගලයන් නිදැල්ලේ සිටියදී කාන්තාවකට බැණ වැදුනේ යැයි පවසමින් ස්වාමීන් වහන්සේ නමක සිරකර තබාගැනීම ගැන ජනාධිපතිවරයා තවදුරටත් කල්පනා කර බැලිය යුතු බවද එහිමියෝ ප්‍රකාශ කළහ.

නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ බව පැවසූහ.
ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ජනතාව පීඩාවට පත් කර සිටින ආණ්ඩුවට විරුද්ධ බලවේගයක් නිර්මාණය කරගෙන යන බවද උන්වහන්සේ සඳහන් කළහ.
පංච මහා බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ සහභාගිත්වයෙන් ලබන 15 වැනිදා කොළඹදී ඊට අදාළව සාකච්ඡාවක් පවත්වන බවද එහිමියෝ ප්‍රකාශ කළහ.
ආණ්ඩුව පළවාහැරීම සඳහා ජනතාව ඒකරාශි කරමින් රට පුරා විරෝධතා පවත්වන බවත්, ඒ සඳහා සහාය පළ කිරීමට පාර්ශ්ව ගණනාවක් කැමැත්ත පළකර තිබෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.

අමිත් මධුරංග -  ada

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements