Featured News

Video Gossip

Advertisement

මුහුණු ආවරණ තහනම්කරමින්රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කා‍ව,නිකාබයවැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකියැයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්.මලික් මහතා සඳහන් කළේය.

බොහෝ කාලයක් තිස්සේ මුහුණු වසාගෙන මාර්ගවල ගමන් කළ තමන්ට මුහුණනිරාවරණය කරගෙන යෑම යම් අපහසුවක් දැනෙන්නේයැයි එමකාන්තාවන් පවසන බවද අධ්‍යක්‍ෂවරයා පැවසීය.

“ඇතැම් මුස්ලිම් කාන්තාවන් මා සමග ප්‍රකාශ කළා වසර ගණනාවක් මුහුණ වසාගෙන ගිහින් එක් වරම මුහුණ නිරාවරණය කරගෙන යාම හරියට නිරුවතින් පාරේ යනවා වගේ කියලා.

ඒනිසා බුර්කාව හා නිකාබය නොමැතිව කටයුතු කිරීමට හුරුවෙන්න එම කාන්තාවන්ට ටික කලක් ගතවේවි.එය වරදක් ලෙස නොසැලකිය යුතුයි" යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මුහුණු ආවරණ තහනම් කරමින් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන ලෙස සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවත්,රජය පනවන ඕනෑම නීතියකට අවනතවීමට මුස්ලිම් සමාජය සූදානම් බවත් එම්.ආර්.එම්.මලික් මහතා පවසා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements