Showing posts with label Muruththettuwe Ananda Thero. Show all posts
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.
අධ්යක්ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත් කී ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.
අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්ය වල බවත් මාධ්ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමු වී ඉල්ලා සිටියද මේ දක්වා ඊට යහපත් ප්රතිචාරයක් නොලැබුණු බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (07දා) පැවසූහ.
තමාට යම් යම් බාධා ඇතැයි ජනාධිපතිවරයාගේ අදහස වූ බවත්, ඍජු තීරණයක් ගත නොහැකි මෙවැනි ජනාධිපතිවරයෙකුගෙන් රටට ප්රයෝජනයක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ බලපෑම හේතුවෙන් ඥානසාර හිමියන් නිදහස් නොකර සිර කරගෙන සිටින බවද ආනන්ද හිමියෝ පෙන්වා දෙති.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________




