Featured News

Video Gossip

Advertisement

කල්පිටිය - පල්ලිවාසල්තුරේ සහ තිහලි යන ප්‍රදේශ වල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 05 දෙනෙකුව අවි ආයුධ සහ ලියකියවිලි සමග අත්ඩංගුවට ගැනීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමත්වී ඇත.

පසුගිය 28 වැනිදා දවස පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.

පල්ලිවාසල්තුරේ ප්‍රදේශය තුළ කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.එක් සැකකරුවෙකු සතුව තිබී කැලෑ නිල ඇදුම් වලට සමාන ටී ෂර්ට් එකක් තිබී ඇත. අනෙක් සැකකරු සතුව තිබූ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට අයත් ලියකියවිලි තොගයක්ද සෝදිසි මෙහෙයුම් කරන ලද නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

තිහලි ප්‍රදේශය තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙකු සතුව තිබී බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියක්ද එම ගිනි අවියට යොදන ජීව උණ්ඩ 61 ක්ද සෝදිසි මෙහෙයුම් සිදු කරන ලද නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

සැකකරුට නිකුත් කර ඇති ගිනි අවියේ බලපත්‍රයට අනුව ළග තබා ගත හැක්කේ ජීව උණ්ඩ 40 ක් පමණක් වන නමුත් ඔහු සතුව වැඩිපුර ජීව උණ්ඩ 21 ක් තිබූ බව මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් සදහන් කරයි. තවත් සැකකරුවෙකු සතුව තිබී කඩුවක්ද, අනෙක් සැකකරු සතුව තිබී බලපත්‍රය කල් ඉකුත් වූ බෝර 12 ගිනි අවියක්ද, ජීව උණ්ඩ02 ක්ද සෝදිසි මෙහෙයුම් වල නිරත නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. 

සැකකරුවන්ද ඔවුන් සතුව තිබූ අවි ආයුධ සහ ලියකියවිලි වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කල්පිටිය පොලීසියට බාර දී ඇත.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements