Featured News

Video Gossip

Advertisement

පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර පොලිස් විශේෂ කාර්යංශ ස්ථානාධිපතිවරුන් 12දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව පානදුර, විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ටී. එල්. එස්. කේ. සේනාධිරත්න, තී‍්‍රකුණාමලය විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර තිබෙනවා.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් බෝම්බ සැකසූ බවට සැකකෙරෙන කෙසෙල්වත්ත පරත්ත පාර ශෙරීෆ් මාවතේ නිවස සම්බන්ධයෙන් ද මෙම නිලධාරියා ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර පොලිස් ප‍්‍රධානීන්ට කරුණු වාර්තා කර තිබුණා.

එවන් පසුබිමක පානදුර විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ටී. එල්. එස්. කේ. සේනාධිරත්න, තී‍්‍රකුණාමලය විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස අපේ‍්‍රල් 18 වැනිදා මාරු කර යැවීම පිළිබඳ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානය, මහනුවර, කැගල්ල, ඇල්පිටිය, කලූතර, ගම්පහ, මීගමුව, පානදුර සහ ගල්කිස්ස යන පොලිස් විශේෂ කාර්යාංශ ස්ථානාධිපතිවරුන් මෙලෙස මාරු කර ඇත්තේ අනිවාර්යය නිවාඩු යැවුණු පොලිස්පති ජූජිත් ජයසුන්දර විසින්.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements