දර්ගා නගරයේ ව්‍යාපාරිකයාගෙන් අත්තඩංගුවට ගත් තනපටවල ගෑ ජෙල් ගැන රස පරීක්ෂක වාර්තාව එළියට
gossip lanka
,
lakbima
,
lakbima news
,
local
,
News
දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තනපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි කර නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත.
සැක සහිත ද්‍රව්‍යයක් ආලේපිත කර තිබූ තිසරපට 243 ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූයේ දර්ගා නගරයේ ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමේදීය. පොලිසිය එම ජෙල් වර්ගය අඩංගු තිසරපට තොගය වැඩිදුර පරීක්ෂා කර වර්තාවක් ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කළේය.
රස පරීක්ෂකවරයා අදාළ තිසරපට තොගය සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාවට අනුව එම තිසරපටවල අඩංගු ජෙල් වර්ගය මිනිස් සිරුරට අහිතකර නොවන බවට තහවුරු කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.
lakbima
lakbima

