Advertisement

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන යාමට සැලසුම් කල ස්ථානයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. වාලච්චේන රිදීතැන්න ඔමිනියාමඩු ප්‍රදේශයෙන් මෙම ස්ථානය සොයාගෙන ඇති අතර එහි තිබී ජෙලට්නයිට් කූරු 236 ක් සහ ඇසිඩ් පිරවූ බූලියක් ද සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයාද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ මෙහි භූගත බංකර ඉදිකිරීමට ද සැලසුම්කර තිබුනු බවයි. කෙසේ වෙතත් මේ වන විටත් එහි ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන අතර තවත් ඉදිකිරීම් සඳහා අමුද්‍රව්‍ය රුගෙනවිත් තිබුණු බවද වාර්තාකරු සඳහන් කළා.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරු දෙකක් මීට පෙර ආරක්ෂක විසින් සොයා ගනු ලැබුවා. ඒ එකාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයෙන් සහ නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයෙන්.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements