Featured News

Video Gossip

Advertisement

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයිය යුතු බැවින්, ඒ සඳහා සහායක් වශයෙන් තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සඳහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරනවා. 

ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා හමුවේ දින ගණනාවක් වසා තැබූ පාසල්, මේ මස 06 වැනි සඳුදා නැවතත් ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර ඇති බව පවසන අමාත්‍යවරයා, පාසල් දරුවන් ත්‍රස්තයන්ගේ ඉලක්ක වීමට ඉඩ ඇතැයිද පෙන්වා දෙනවා. 

ඒ නිසා පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම පාසල් සහ අදාළ භූමිය විශේෂ ආරක්ෂක සෝදිසියකට භාජනය කළයුතු අතර පාසල් ආරම්භ කිරීමෙන් පසුවද දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් අනුගමනය කළයුතු යැයි අමාත්‍යවරයා පවසයි. 

රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සමස්ථ දිවයිනේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් දිවා රෑ නොබලා රාජකාරියේ යෙදී සිටින අතර දීප ව්‍යාප්ත පාසල් ජාලයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේදී ඊට සහායක් වශයෙන් තම ආරක්ෂාව සඳහා රජය විසින් ලබාදී ඇති ඇමති ආරක්ෂක අංශ නිලධාරීන්ද ලබාදීමට තමා කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළා. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements