Advertisement


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන එකඟතා සති කිහිපයක් තුළ ඇති කර ගැනීමට නොහැකි නම් මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රිලනිප අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රිලනිප මධ්‍යම කාරක සභිකයෙක් පැවසීය.

ඒ අනූව මැයි 27 වැනිදා පැවති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී පොදුජන පෙරමුණ සමග සාකච්ඡා ඉක්මනින් අවසන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවට උපදෙස් දී තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ අනිද්දා කළ විමසීමකදී ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ මධ්‍යම කාරක සභාව සාකච්ඡා ඉක්මන් කරන්නට හේතුව වුණේ ශ්‍රිලනිප ය මීළඟ ජනාධිපතිවරණයට සූදානම් විය යුතු නිසා බවය. පොදුජන පෙරමුණ සමග එකඟ විය නොහැකි වුවහොත් කරන දේ ගැන තවම තීරණය කර නැති බව ඔහු ප්‍රකාශ කළේය.

මීළඟ ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ඉදිරිපත් වීමේ යෝජනාවක් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වී ඇත්දැයි විමසූ අවස්ථාවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එවැනි යෝජනාවක් මධ්‍යම කාරක සභාවේ දී අනුමත වී නැති බවයි. එසේ වූවද ශ්‍රිලනිප නායකයන් අතර එවැනි එකඟතාවක් ඇතැයි ඔහු කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements