Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යැයි කියමනක් ඇත.සාගල රත්නායක තරුණයාද පාසැල් වියේ සිටම සිය නායකත්ව කුසලතාවයන් සහ සමාජ හිතකාමීත්වය මනාව පෙන්නුම් කලේ මෙම කියමන සපථ කරමිනි.

අප රටේ බිහිවූ ප්රභලතම දේශපාලන නායකයින් සහ සමාජ ක්රියාකාරීන් රැසකට ළමා විය සංවර්ධනය කරගැනීමට තෝතැන්නක් වූ කොළඹ රාජකීය විද්යාලයේ අධ්යාපනය ලැබීමට ඔහුට වරම් හිමිවිය.පොත පත දැනුම පමණක් නොව,ක්රීඩාව නායකත්වය සහ සමාජ මෙහෙවර පිලිබඳ දැනුමද ඔහුට මෙම අද්විතීය අධ්යාපන ආයතනය තුලින් හිමිවිය.තරුණ සාගල තුල සැඟවී තිබූ දක්ශතාවයන් නිසාම ඔහු විද්යාලයේ මලල ක්රීඩා,ඔරු පැදීම ඇතුලු ක්රීඩා ක්ෂේත්ර ගණනාවක දැක්වූ දක්ෂතාවයෙන් නිසාම විද්යයාලීය වර්ණ දිනා ගැනීමට හැකිවිය.මීට අමතරව ‘‘හර්වඩ්‘‘ නිවාසයේ ලේකම්වරයා වශයෙන්ද ඔහු කටයුතු කර ඇත.බුදුදහමට හැමවිටම මුල්තැන දුන් රත්නයක පවුලෙන් ඔහුට ලද ආභාශය නිසාම රාජකීය විද්යාලයේ බෞද්ධ සංගමයේ සභාපතිවරයා වශයෙන් ක්රියා කිරීමටද ඔහුට අවසථාව උදාවිය.බෞද්ධ ආභාශය සහ සිය පවුල් පසුබිම නිසාම සැමවිටම ගරුතර මහා සංඝරත්නය සමඟ සුහදව කටයුතු කිරීමටත්,මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිබඳව ලබා ගනිමින් නිවැරදි බෞද්ධ ප්රතිපත්ති තුල ජීවත් වීමටත් ඔහු ක්රියා කර ඇත.

සිසුන් හත්දහසකට සෙවන සලසන රාජකීය විදු පියසේ ප්රධාන ශිෂ්ය නායක වීම සිසුවකුට ලැබෙන අති දුර්ලබ අවසථාවකි.සාගල සිසුවා අධ්යාපනයටත්,ක්රිඩාවටත් එක්සේ දැක්වූ දක්ශතාවයන් හඳුනාගත් විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය 1987-1988 වසරේ ප්රධාන ශිෂ්ය නායක වශයෙන් ඒකමතිකව තෝරාගනු ලැබීය.කෙනෙකුට ජීවිතයේ එකවරක් පමණක් ලැබිය හැකි මෙම සුවිශේශී තනතුර තුලින් හිස උදුම්මා නොගත් සාගල තම සහෝදර සිසුන්ට ලංවෙමින් ප්රධාන ශිෂ්ය නායකයා වශයෙන් තම යුතුකම් සහ වගකීම මනාව සහ ආදර්ශමත්ව ඉටු කරනු ලැබීය.

බෞද්ධ දරුවෙකු ලෙස ඔහු සිය ආධ්යාත්මික හැදියාව වඩ වඩාත් ගොඩනගා ගන්නේ දහම් පාසැල ඇසුරිනි.කොළඹ 07 දරුවාටත් හද්දා පිටිසර ගමේ දරුවාටත් මෙය එකලෙස බලපායි.ගලබොඩ ඥාණිස්සර නාහිමි සෙවනේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දහම් අධ්යාපනය ලැබූ සාගල බෞද්ධ දරුවකු ලැබිය හැකි වටිනාම සහතිකය වන ධර්මාචාර්ය විභාගයද ඉහලින් සමත්වූයේ බෞද්ධ ධර්මය පිලිබඳ මනා අවබෝධයක් හා දැනුමක් ගොඩනගා ගනිමිනි.දහම්පාසල් ගීතයේ සඳහන් ‘‘සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනසෙන අප සිරිකල් දරුවෝ..දහම්පාසැලේ සෙවනේ වැඩෙමින් උදාර ගුණදම් සිත දැරුවෝ‘‘ යනවදන් පෙළ සාගලගේ ජීවින චර්යාව දෙස බැලිමේදී අපට දැක ගත හැක.කුමන රාජකාරිය තිබුනද පොහොයට පන්සලට ගොස් බෝසමිදුන් සෙවනේ ගත කිරීමට ඔහු කවදාවත් අමතක කරන්නේ නැත.

සාගලගේ නායකත්ව කුසලතාවයන් හා අවස්ථා කලමණාකාරිත්වයත්, පොදු අරමුණක් කෙරෙහි තම කණ්ඩායම මෙහෙයවීමේ හැකියාවත් මනාව පෙන්නුම් කලේ 1987-88 කාලයේ අධ්යාපන ධවල පත්රිකාවට විරෝධය මත ඇතුලු වූ භීෂන සමයේ්ය.7000 කට අධික සිය සිසු පිරිසක් මනාව හසුරවමින් විද්යාලය තුල හෝ සිසුන් අතර කිසිදු කලබලයක් හෝ කෝලහාලයක් වීමට ඉඩ නොතබා දෛනික පාසැල් කටයුතු මනාව පවත්වගෙන යෑමට ප්රධාන ශිෂ්ය නායකයා වශයෙන් ඔහු ලබාදුන් නායකත්වය සුවිශේෂය.

මෙම තරුණ නායකයා දෙස එවකට අධ්යාපන අමාත්යවරයාව සිටි රනිල් වික්රමසිංහ මැතිතුමන්ගේ විශේෂ අවධානය යොමුවූයේ ප්රධාන ශිෂ්ය නායකයා ලෙස ඔහු දැක්වූ දක්ශතා හා කුසලතා නිසාමය.ඇමති රනිල්ගේ ඉලක්කය වූයේ මෙම දක්ශ තරුණයාව දේශපාලනයට යොමුකොට ඒ තුළින් තාරුණ්යයට නිසි තැන ලබාදෙමින් රට ගොඩනැගිමයි.

පාසැල් අධ්යාපනයෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ ‘‘ලෙවිස් ක්ලාර්ක් විදුහලේදී‘‘ ආර්ථික විද්යාව පිලිබඳ උපාධිය ලබාගත් ඔහු බැංකු ක්ෂේත්රය සිය වෘත්තිය කරගත්තේය.දේශීය මෙන්ම විදේශීය බැංකු ගණනාවක විධායක ශ්රේණියේ සේවය කිරීමට ඔහු සමත් විය.

ශිෂ්ය නායකයකු ලෙස පාසලේදී දැක්වූ දක්ශතා දෙසත්,බැංකු ක්ෂේත්රයේ දැක්වූ දක්ශතා සහ සිය සමාජයේ ජනතාව වෙත සාගල දක්වූ කැපවීම දෙසත් බලාසිටි රනිල් වික්රමසිංහ මහතා 1999 දකුණු පළාත් සභාවට මාතර දිස්ත්රික්කයෙන් ඉදිරිපත්වන ලෙස සාගලට ඇරයුම් කලේය. ඉලක්කම් 6 ක හොඳ පඩියක් ලබමින් බැංකු ක්ෂේත්රයේ වැදගත්ම තනතුරක් දරමින් සිටි මොහු මෙම ඉල්ලීම පිලිගෙන එම සියලු ප්රතිලාභ අතහැර දේශපාලනයට පිවිසියේ ජනතා සේවයට තිබූ කැමැත්ත නිසාමය.

1999 පලාත් පාලන මැතිවරණය ජයග්රහනය කරමින් පලාත් සභා මන්ත්රී වරයෙකු ලෙස දේශලාපන ගමන ආරම්භ කල මොහු 2000-2001 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්රහනය කරමින් රටම කලුවරේ තිබූ අවධියක කරූ ජයසූරිය මැතිතුමන් අමාත්යධූරය දැරූ විදුලි බල හා බලශක්ති නියෝජ්ය ඇමතිවරයා වශයෙන් පත්වී විදුලි කප්පාදුවට තිත තබමින් රට අඳුරින් මුදවා ගැනීමට අමාත්යවරයා සමග එක්ව කටයුතු කලා පමණක් නොව දිවයිනේ හද්දා පිටිසර ඈත ගම්මාන රැසකටද අවශ්ය විදුලිබල පහසුකම් ක්ෂණිකව ලබාදීමේ වැඩපිළිවෙලක්ද ක්රියාත්මක කරමින් ඉතා විශාල කාර්ය භාරයක් ඉටුකරන ලදී.

ඉන්පසුව 2004 මහමැතිවරණයෙන් නැවතත් තේරීපත්වී විපක්ශයේ මන්ත්රී වරයයෙකු වශයෙන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් හඬ නගමින් තම සේවය පක්ෂයටත් පාක්ශිකයින්ටත් ලබාදීමට තම උපරිම දායකත්වය මනාව ලබාදුනි.පරම්පරාවෙන් තමන්ට උරුම වූ ඉඩකඩම්,වතුපිටි පවා විකුනමින් එවකට පැවති රජයේ දූෂණය සහ භීෂණයට එරෙහිව සටන් කිරීමට සිය ජනතාව පෙලගැස්වූයේ තම ජීවිතය ගැනද නොසලකමිනි.

දෙනියායේ ඉදිවූ රාජපක්ෂ සහෝදරයන්ගේ මාලිගාව පෙන්වීමට සිය ජනතාව සමඟ ගිය ගමනේදී බීමතින් පැමිණි එවකට ආණ්ඩුවේ ප්රභල ඇමතිවරයෙකුගේ මැර ප්රහාරයෙන් සිය අනුගාමිකයින්,පාක්ශිකයින් බේරා ගනිමින්,තවද එම සිද්ධියේදී මැරවරයින්ට කොටුවී සිටි තිස්ස අත්තනායක,රවී කරුණානයක ඇතුලු නායකයින් උපක්රමශීලීව එම ස්ථානයෙන් පිටතට යවා,සිය සගයන් සියලු දෙනාම ආරක්ශිතව පිටත් කොට අවසානය තෙක්ම මෙම සිදුවීමට මනාව මුහුණ දුන් ආකාරය නම් සාගලගෙන් මිස වෙනත් නායකයකුගෙන් නම් මා දැක නැත.

ජයග්රහණයේදී මෙන්ම පරාජයේදීද ඔහු ජනතාව සමග සිටියේය.සෑම විටම ජනතාව මහා පවුරක් සේ ඔහු වටා ගොඩ නැගුනි.කිසිම විටෙක ඡන්දය ලබා ගැනීමේ අපේක්ශාවෙන් ඔහු බොරු කීවේ නැත.සෑම විටකම රත්නායක තම නායකයාත් පක්ශයත් ආරක්ශා කලේය.රනිල් වික්රමසිංහගේ නායකත්වයට අභියෝග එල්ලවු සෑම විටම ඔහු ඇතැමුන් මෙන් රනිල් අතහැර ගියේ නැත.උපායශීලීව සියලු අභියෝග වලට මුහුන දෙමින් පක්ශය ආරක්ශා කලේය.කවුරුත් නැති කාලෙ,බොහෝ දෙනෙකු රනිල්ට බැහැයි කියූ කලේ ඔහු රනිල් වෙනුවෙන් පෙනීසිටියේය.ඒ ඔහු රනිල්වාදියෙකු නිසාම නොව මේ රට සංවර්ධිත දේශයක් කරා රැගෙන යා හැක්කේ රනිල්ගේ දැක්ම සහ රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල නිසා බව ඔහු විශ්වාස කල නිසමය.

2015 ජනවාරි 8දා වත්මන් රජය බලයට පත්කිරීමට තිරය පිටුපස විශාල වැඩ කොටසක් කලේ සාගලය.2007 වසරේදී ප්රථම වරට ශ්රී ලංකාවෙ දේශපාලන පක්ශයකට සමාජ මාධ්ය හදුන්වාදීමට පුරෝගාමී මග පෙන්වීම ලබාදුන්නේ සාගලයි.එය හොඳින් වැටහුනේ තමන්ව පැරදවූයේ සමාජ මාධ්ය බවට රාජපක්ශ ජනාධිපතිවරයා කල ප්රකාශත් සමඟය.ජයග්රහනය සමඟ අග්රාමාත්ය කාර්ය මණ්ඩලය ප්රධානී වශයෙන් පත්වූ මොහුට විශාල කාර්යභාරයක් පැවරුනි.නමට පමණක් සීමාවී වසර ගනණක් පැවති අගමැති යාන්ත්රණය ක්රියාකාරී,ජනතාව සමඟ වැඩ කරමින් ශක්තිමත් තනතුරක් පත්කිරිමේ යාන්ත්රණය ඔහු මනාව ක්රියාත්මක කරන ලදී.

2015 අගෝස්තු මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ සාගල අග්රාමාත්ය කාර්යමන්ඩල ප්රධානී තනතුරට අමතරව දක්ෂිණ සංවර්ධන අමාත්යවරයා වශයෙන්ද පත්විය,2015 දෙසැම්බර් මාසයේදී නීතිය හා සාමය පිලිබද අමාත්යවරයා වශයෙන්ද ඔහු පත්විය.

වල්වැදී තිබී නීතිය හා සාමය රට තුල ස්ථාපිත කිරීමටත් ප්රමාදවී තිබූ දූෂණ අක්රමිකතා පිලිබද පරීක්ශන කඩිනම් කිරීමටත්,පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් වැදගත් පියවර රැසක් ගැනීමටත් ඇමතිවරයා වශයෙන් ඔහු ක්රියාකරන ලදී. ‘‘අයි.එස්.අයි.එස්‘‘ ඇතුලු ත්රස්තවාදී කණ්ඩායම් පිලිබඳ පුලුල්ව පරීක්ශණ කරමින් ඔහු කල සේවය දිගටම ඉටු කිරීමට ලැබුනේ නම් අප්රේල් 21දා සිදුවූවා වැනි කණගාටුදායක ඉරණමකට අපේ රට මුහුණ නොදෙන බව මගේ විශ්වාසයයි.

2017 අප්රේල් 16දා මිතොටමුල්ලේ කුණුකන්ද නාය යෑමේ සිද්ධියේදී එම අවස්ථාව මනාව කලමණාකරණය කරමින් ඒ සිද්ධියේ අවතැන්වූවන්ට සහන සැලසීමට දිගුකාලීන,මාධ්යකාලීන සහ ස්ථිර විසදුම් ලබාදෙමින් ක්රියාකල ආකාරය සැමගේ පැසසුමට ලක් විය.2017 නොවැම්බර් මාසයේදී ගිංතොට ප්රදේශයේදී සිදුවූ මෝටර් බයිසිකල් අනතුරක් ජාතිවාදී ගැටුමක් බවට පත්වී විශාල විනාශයක් සිදුවීමට ගිය මොහොතේ මහ රෑ සිය ආරක්ශාව ගැනද නොතකා එම ස්ථානයට ගොස් ජනතාවට කරුණු කාරණා පහදා දෙමින් ආරක්ෂක අංශ වලද උපරිම සහයෝගය ලබගනිමින් ඔහු ක්රියාකල ආකාරය නිසාම රට තුල සිදුවීමට ගිය විශාල ව්යසනයක් මෙන්ම දේපල හා ජිවිත හානියක් නැවතී ගියේය.ඒ සාගලගේ කළමණාකරන හැකියාවයි.

2018 දෙසැම්බර් කැබිනට් සංශෝදනයෙන් වරාය,නාවුක කටයුතු අමාත්යවරයා වශයෙන්ද තේරී පත්වූ මොහු වෙත ජාතික ආර්ථිකයේ විශාල වගකීමක් පැවරී ඇත.රටට ආදායම උපයන ප්රධාන මාර්ගයක් වන වරාය ගොඩනැංවීම විශාල අභියෝගයකි.මෙය තවත් තීව්ර වන්නේ දිවංගත ලලිත් ඇතුලත්මුදලි වැනි දැවැන්ත නායකයින් විසින් මෙහෙයවූ ගොඩනඟන ලද තත්වය ඒ ලෙසම ආරක්ෂාකර ගනිමින් එමෙන්ම එය තවත් පෙරට ගෙනයමින් බඩ ගෝස්තර වාදයෙන් තොරව ජනතාවට සහ රටට ප්රයෝජනවත් ආකාරයෙන් වරාය මෙහෙයවීමයි.දැනටමත් ඒ සදහා පියවර රැසක් ගෙන ඇත.වරාය නවීකරණය කරමින් නවීන තාක්ෂණයේ උපරිම ඵල නෙලා ගැනීම තමන් සතු ජාත්යාන්තර සබඳතා එක් කරමින් ශ්රී ලංකාවේ වරාය ලොව අංක එකේ වරාය බවට ඔහු පත්කරන බව මාගේ විශ්වසයයි.

කුමන වගකීම් දැරුවත් තමන් පාර්ලිමේන්තුවට පත්කර යැවූ ජනතාව ඔහු කිසිදා අමතක කලේ නැත.සෑම සති අන්තයක් මෙන්ම කොළඹ රාජකාරිවලින් මඳකට හෝ නිදහස් විය හැකි ඕනෑම අවස්ථාවක සිය ගමේ ජනතාව වෙනුවෙන් ගමට ගොස් කතා කිරීමට ඔහු අමතක කරන්නේ නැත.මහා සංඝරත්නය මෙන්ම වැඩිහිටි ජනතාවගේද සෞඛ්ය ගැනද ඔහු හරිම සංවේදීය.මේ නිසාම සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක් දෙනියායට ලබාදීමට ඔහු පියවර ගෙන ඇත.මාතර දිස්ත්රික්කයේ මාර්ග සංවර්ධනයටත්,පාසැල් සඳහා පහසුකම් සැපයීමටත් ඔහු විශාල වශයෙන් ප්රතිපාදන ලබාගෙන එවා ජනතා සුභ සිද්දියට යොදවා,හැකි උපරිම ආකාරයෙන් ජනතාව ශක්තිමත් කිරීම ඔහුගේ ඒකායන අරමුණයි.

සිය දේශපාලන දිවියේ 20 වසරක් සම්පූර්න කරනා ගරු අමාත්ය සාගල රත්නායක මැතිතුමනි,ඔබ වැනි පටු දේශපාලන අරමුණු වලින් තොරව,ජනතාවගේ කෝණයෙන් සිතා බලා තීන්දු තීරණ ගනිමින් ජනතාව වෙනුවෙන් සියලු දේ කැපකර, සැබෑ ජනතා සේවයේ නිරතවන ජන නායකයින් අල්පය.පිරිසිඳු චරිතයත් කිසිඳු කලු පැල්ලමක් නැති පිරිපුන් දේශපාලනයත් ඔබට ආශිර්වාදයක් වී හමාරය.මේ ඔබ වන් වචනයේ පරිසමාප්ත අයුරින්ම සැබෑ නායකයින් වැඩි වැඩියෙන්ම අප රටට අවැසිම යුගයකි.දේශපාලකයින් කෙරෙහි ඇති ජනතා විශ්වසය බිඳවැටී ඇති මෙවන් යුගයක ඒ විශ්වාසය යලි ගොඩනැගිය හැක්කේ ඔබ වැනි නායකයින්ට පමණි.ඡන්දය ලබාගැනීමට ඔබ කිසි දිනෙක බොරු කියා ජනතාව රවටා නැත,එම නිසම ජනතා විශ්වාසය සැමවිටම ඔබ සමඟ ඇත.මාතර දිස්ත්රික්කය තුල ගොඩනැගූ ඒ ශක්තිය මුලු රට තුලම ගොඩ නඟමින් තව තවත් ජනතා සේවයට කැපවෙමින්,මාගේ සුන්දර ශ්රී ලංකාව ලෝකයේ බලගතුම දේශයක් කරා ගෙන යෑමට ඔබට ශක්තිය ධෛර්ය සහ වාසනාව ලැබේවායි පතමි !

ලසන්ත ගුණවර්ධන

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook